Archives

You are currently viewing archive for March 2011
Category: English
Posted by: admin
*To be set up in two-three weeks
*No Lankans affected by unrest

Rasika SOMARATHNA
The Sri Lanka Bureau of Foreign Employment (SLBFE) has decided to set up a special office in Bahrain to facilitate the needs of over 15,000 Sri Lankans working in that country.The move is expected to benefit the large contingent of Sri Lankan migrant workers in Bahrain as Sri Lanka does not have a permanent mission there.

The decision to set up an office by SLBFE comes amidst concerns expressed by relatives back home on the safety of their loved ones due to the prevailing political unrest in Bahrain.

However, the SLBFE yesterday assured that all Sri Lankans working in Bahrain were safe and that the new office to be set up within the next two – three weeks would be capable of assisting the migrant workers’ need.

The new office is being set up on the instructions of Foreign Employment Promotions and Welfare Minister Dilan Perera. Earlier, the needs of Lankan migrant workers had to be looked into by the Sri Lankan mission in Kuwait.

Bahrain is considered a popular destination for Sri Lankans seeking employment abroad. Over 7,000 Sri Lankans left for work in Bahrain last year.

An SLBFE officer said yesterday that contrary to certain reports, there was no visa ban or any travel restriction for Sri Lankans visiting Bahrain.

Meanwhile, foreign media reported that an on-line expatriate registration process for Sri Lankan nationals has been initiated by officials to locate them fast in the case of an emergency. In this regard the support of man power agencies too have been sought, they added.

According to reports from Bahrain, not a single Sri Lankan national has come to harm or has been affected due to the prevailing situation.

Source: http://www.dailynews.lk/2011/03/29/news01.asp
Category: Sinhala
Posted by: admin
බම්බලපිටියේදී සැකකරු දැලේ

මහින්ද අලුත්ගෙදර

ඉතාලියේ රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් මිලියන ගණනක මුදල් වංචා කළ පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමට තඹුත්තේගම පොලීසිය සමත්ව ඇත. තඹුත්තේගම පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් බම්බලපිටිය ප්‍රදේශයේ කළ වැටලීමකදී අදාළ සැකකරු අත් අඩංගුවට ගත් බව තඹුත්තේගම කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් පෙරේරා මහතා පැවසීය.

විවිධ නම්වලින් පෙනී සිට ඇති මේ පුද්ගලයා විශාල පිරිසකගෙන් මුදල් වංචා කර තිබෙන අතර ඔහු සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසියටද පැමිණිලි රැසක් ලැබී තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

නීති විරෝධී ලෙස වීසා සකස් කරමින් පුද්ගලයන් ඉතාලියට යැවීමට මේ සැකකරු කටයුතු කර තිබෙන අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
Category: Sinhala
Posted by: admin
තිළිණි ද සිල්වා
විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම් ලෙස කරුණාතිලක අමුණුගම මහතා වැඩ බාරගත්තේ. විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන අමුණුගම මහතා චීනයේ ලංකා තානාපති ලෙස මීට පෙර කටයුතු කෙළේය. එහි හිටපු ලේකම් රෝමේෂ් ජයසිංහ මහතා මුදල් අමාත්‍යංශයේ අතිරේක ලේකම් පත් කරනු ලැබීය.
Category: Sinhala
Posted by: admin
ඇමති ඩිලාන් බදුල්ලේදී කියයි


”දකුණු පළාතේ හම්බන්තොට අලූතින් දැවැන්ත වරායක් ඉදිවෙලා. ඒ වගේම මත්තලට ජාත්‍යන්තර ගුවන්තොටුපොලක් ලැබිලා. රටම සංවර්ධනය කරා ගෙනයන මේ යෝධ ව්‍යාපෘති ඌවටත් දකුණටත් ගෙන බැලූවම හරියට එළදෙනකගේ ඔලූව හා පිටුපස්ස වගේ. බැලූ බැල්මට පේන්නේ එළදෙනගේ ඔලූව, මේ එළදෙනගේ ඔලූව හම්බන්තොට තිබුණත් පිටුපස්ස තියෙන්නේ ඌවෙයි. මේ මහා ව්‍යාපෘති වලින් රටම ප‍්‍රතිලාභ ලබන කොට ඒ එළදෙනගේ කිරි ටික ගොමටික ලැබෙන්නේ මා නියෝජනය කරන ඌව පළාතටයි.


විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මෙම අදහස් පළකළේ පසුගිය දා හාලි ඇළ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගී වෙමිනි. වෘත්තීය පුහුණු සහිත ශ‍්‍රමිකයින් සඳහා ජාත්‍යන්තර මට්ටමින් ඇති රැකියා අවස්ථා සඳහා මෙරට ග‍්‍රාමීය ප‍්‍රදේශවල තරුණ තරුණියන් යොමු කිරීම යන මැයෙන් සංවිධානය කොට තිබූ මෙම වැඩසටහනට ග‍්‍රාම නිළධාරීන්, සමෘද්ධි සංවර්ධන නිළධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිළධාරීන් ඇතුලූ ප‍්‍රදේශයේ රාජ්‍ය නිළධාරීන් රැසක් සහභාගී වී සිටියහ. එම පිරිස අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා


”හම්බන්තොට ඉදිවන වරායෙන් රටට ගොඩයන්න නැව් වලට වතුරත්, එළවළුත්, තෙලූත්් දුනන්නම ඇති. ඒවායෙන් හොඳ එළවළු දෙන්න පුළුවන් කම තියෙන්නේ අපේ පළාතටයි. පිරිසිදු වතුර දෙන්න අපේ පළාතට පුළුවන්. මත්තල ගුවන්තොටුපොළ ඉදිවූ විට මත්තලට එන සුද්දෝ හම්බන්තොට ලූණු ලේවාය බලලා දිය ඇලි බලන්න, රජමහා විහාර දකින්න, බදුන් වැඩි තැන් දැකගන්න එන්නේ මේ පළාතටයි. විශේෂයෙන්ම
විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍යාංශය හැටියට වැඩි රැකියා අවස්ථා ලබමින් විදේශ රැකියාවලට ශ‍්‍රමිකයින් වැඩිම ප‍්‍රමාණයක් පිටත්කර හැරීමට එම ව්‍යාපෘති මගින් අපට අවස්ථාව හිමිවෙනවා. මේකයි ඌව පළාතේ සංවර්ධනයේ පෙරදැක්ම. මේ සංවර්ධනය

වෙනුවෙන් රාජ්‍ය නිළධාරීන් වන ඔබගේ පූර්ව සුදානම හා අවංක කැපවීම අද මේ රට ඉල්ලා සිටින බව ඔබ අවධාරණය කරගත යුතුයි. අතිගරු ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන වැඩපිළිවෙල අනුව මෙරටේ සංවර්ධනයේ පදනම වන්නේ ගමයි. ගම නැගුම, මග නැගුම, ජාතික සවිය, දිවි නැගුම ආදී ව්‍යාපෘති ග‍්‍රාමීය ජනතාව වෙනුවෙන් දියත් කරන අතර, මහා පරිමාණ ව්‍යාපෘති සියල්ලකම ප‍්‍රතිලාභ ගමට ගෙනෙන සංවර්ධන වැඩපිළිවෙලකුයි සන්ධාන රජය ක‍්‍රියාත්මක කරමින් ඉන්නේ. එදා කිව්ව කොළඹට කිරි ගමට කැකිරි තේමාව අදට වලංගු නෑ.” යි පැවසූ අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා රට රැකියා ක්ෂ්ත‍්‍රයේ ග‍්‍රාමීයව ඉදිරිරිගාමී වැඩපිළිවෙළක් දක්වා ප‍්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවය එම නිලධාරීට අවධාරණය කළේය.

”විදේශ රැකියා ක්‍ෂේත‍්‍රය ගත්තත් එහි ප‍්‍රවර්ධනය සිදුවන්නේ ගම මුල්කර ගනිමින්. ග‍්‍රාමීය මට්ටමින් එක් ග‍්‍රාම සේවා වසමකින් තරුණයින් දස දෙනකු වෘත්තීය පුහුණුවක් සහිතව හොඳ වැටුපකට විදේශ රැකියාවන් වෙත යැවීමට අපට හැකි නම් එය රටේ ආර්ථිකයට විශාල ශක්තියක්. අපේ ප‍්‍රදේශයේ එක් වසමකින් තරුණ තරුණියන් කිහිපදෙනෙක් හොඳ මට්ටමේ විදේශ රැකියාවකට යැවුවොත් ඒ වසමට මාසිකව විශාල මුදලක් ගලා එනවා. ඒ මුදල ගම පුරා සංසරණය වෙනවා. ග‍්‍රාමීය ජනයාගේ අතමිට මුදල් ඇති නිසා ඔවුන්ට මිලදී ගැනීමට ඇති හැකියාව, ක‍්‍රය ශක්තිය වැඩි වෙනවා. මෙවැනි විදේශ රැකියාවන් එම ප‍්‍රදේශයන්ට ලබාදී ග‍්‍රාමීය ජනයාගේ ජීවන මට්ටම ඉහළ නැංවීමයි අපේ අරමුණ. රාජ්‍ය නිළධාරීන් ලෙස ඔබට මෙහි දී විශේෂ වගකීමක් පැවරෙනවා. විගමනිකයින් පිළිබඳ ගම් මට්ටමින් හොඳින්ම දන්නේ ඔබ, මව්වරු විදේශගතවූ පවුල් ගැන, පියවරු විදේශගතවූ පවුල් ගැන හොදින්ම දන්නේ ඔබ. ඔවුන්ගේ සමාජ ආරක්‍ෂාව තහවුරු කිරීම සුබසාධනය සැලසීම හා ඔවුන්ට අවශ්‍ය මානසික උපදේශනය ලබාදීම ඔබට ඔබගේ රාජකාරිය තුළ කළ හැකි කාර්යයක්. ග‍්‍රාමීය ජනතාවට සමීපම නිළධාරීන් වන ඔබ මේ ක්‍ෂෙත‍්‍රයට දක්වන දායකත්වයට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විගමනික දු දරුවන් වෙත ලබාදෙන ශිෂ්‍යත්ව වැඩසටහන්, විගමනිකයින් වෙනුවෙන් තනාදෙන නිවාස ව්‍යාපෘති ආදි බොහෝ සුබ සාධන කාර්යයන්ට වඩා වැඩි යමක් සමාජයට සිදු කළහැකිය යන්න මගේ හැඟිමයි. යනුවෙන් පැවසීය

මෙම අවස්ථාවට ශ‍්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක‍්‍රියාකාරී අධක්‍ෂ තරංග නලීන් ගම්ලත්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කිර්ති මුතුකුමාරණ යන මහත්වරුන් ඇතුලූ කාර්යාංශයේ ඉහළ නිළධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියහ.
Category: Sinhala
Posted by: admin
20110325-picture_794.jpg

20110325-copy_of_img_9790.jpg

විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් නැවත සිය රට පැමිණ තමුන් ඉපයූ මුදල් ඵලදායක කර්මාන්තයක හෝ ව්‍යාපාරයක යෙදවූ මොණරාගල දිස්ත්‍රික්කයේ විගමනික සේවකයන් ඇගයීමක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මෙහෙයවීමෙන් පසුගියදා සිදුකෙරිණි. දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව සිදුකෙරුණ මෙම ඇගයීමෙන් විදේශ රැකියාවල නියුතුව සිට ආපසු පැමිණි ශ්‍රමිකයන් සිදුකළ නිවාස ඉදිකිරීම් , ප්‍රවාහන සේවා පවත්වාගෙනයාම් වෙළඳ හෝ කර්මාන්ත පවත්වාගෙනයාම් සාර්ථකව සිදුකළ අයුරු වාර්ථාවිය. මොවුන් අතර කළ අධ්‍යයනයකින් අනතුරුව තෝරාගත් ශ්‍රමිකයන්ට සිය කාර්යය දිරිගැන්වීමට හා ඇගයීමට ලක්කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ සිහිවටන තිළිණයක් ප්‍රදානය කළ අතර එම තිළිණය දැයට කිරුළ සමාප්ති දින ප්‍රධාන වේදීකාවේ විදේශ රැකියා ප්‍රවර්ධනය හා සුබ සාධන අමාත්‍ය ගරු ඩිලාන් පෙරේරා ඇමතිතුමන් විසින් පිරිනමන ලදී. විදේශ රැකියාවෙන් උපයාගත් මුදලින් කුඹුරු සහ අත්ට්‍රැක්ටරයක් මිලදීගෙන ඵලදායී ලෙස ආයෝජනයක යෙදවූ එච්. එච්. ඒ. චන්ද්‍රලතා මහත්මියට අමාත්‍යවරයා තිළිණ ප්‍රදානය කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.
Category: Sinhala
Posted by: admin
සිරිසේන රාජපක්‍ෂ මානෙල් පුෂ්පකුමාරි

ව්‍යාජ ගමන් බලපත්‍ර මඟින් පුද්ගලයන් පිටරට යැවීම හා පිටරටවල සිට ව්‍යාජ ගමන් බලපත්‍ර මඟින් විදේශිකයන් මෙරටට ගෙන්වීමේ ව්‍යාපාරයක නියුතු වූ බොරැල්ල ප්‍රදේශයේ සැකකරුවකු අපි‍්‍රයෙල් මස 11 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා මහත්මිය නියෝග කළාය. මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ බොරැල්ල ගොරකගහ පාරේ පදිංචිකරුවකු වන ගමගේ සුමනතිලක නමැත්තෙකි. යුද හමුදා බුද්ධි අංශය සහ බොරැල්ල පොලිසිය කරන ලද වැටලීමක දී ඉහත සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මොහු අත්අඩංගුවට ගෙන තිබිණි.

ඊයේ (22) සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ බොරැල්ල පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පො. ප. කණ්ඩුල දිසානායක මහතා අධිකරණය වෙත කරුණු දක්වමින් ඉහත කී සිද්ධියට අදාළ ව මේ අධිකරණයෙන් සැකකරුට ඇප දිය නොහැකි බවත්, ඇප දීමට විරුද්ධ වන බවත් දන්වා සිටියේ ය. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුගේ නිවෙසේ තිබී ජාතිත හැඳුනුම්පත් නවයක්, විදේශ ගමන් බලපත්‍ර දහ අටක්, අධ්‍යාපන සහතික දහයක්, උප්පැන්න සහතික තිස් හයක්, රියදුරු බලපත්‍රයක්, විවාහ සහතිකයක් හා නිල මුද්‍රා දෙකක් ඇතුළු තවත් භාණ්ඩ රාශියක් ද සොයා ගත්බව පො. ප. කන්ඩුල දිසානායක මහතා අධිකරණයට දැන්වීය.

Source: http://www.dinamina.lk/2011/03/25/_art.asp?fn=n11032514
Category: Sinhala
Posted by: admin
තාවකාලිකව වසා දැමු ලිබියාවේ ලංකා තානාපති කාර්යාලයයෙන් කරගත යුතු කටයුතු ඊජිප්තුවේ කයිරෝහි ලංකා තානාපති කාර්යාලයයෙන් කරගත හැකි යැයි විදේශ අමාත්‍යංශය කියයි. ඒ අනුව ලිබියාවේ ලංකා තානාපතිවරයා ලෙස ඊජිප්තුවේ ලංකා තානාපතිවරයා වැඩ බලයි.
Category: English
Posted by: admin
President Mahinda Rajapaksa yesterday stated that a Bill will be moved in Parliament next month to establish a Contributory Pension Fund for the working class in this country as pledged in the budget proposals.

President Rajapaksa made this observation yesterday in Parliament joining the second reading debate on nine Bills related to tax regulations in line with the 2011 budget proposals.

The President further stated that with this move the pension that was confined to the public servants will now be extended to the employees of State banks, corporation, the private sector, for those employed overseas making a tremendous contribution to the national coffers and for these self-employed including farmers, fishermen, artistes etc.

The President added that with the enactment of the Act a secure social system will be established so that the working class will be restored with a permanent income for life after retirement.

President Rajapaksa further stated that the Government created the highest economic stability during the recent past. The exchange rate has been stable for the last two years. The interest rates have been brought down.

President Rajapaksa stated that establishment of million domestic economies units is another stable income source for the people. Another means of stabilizing the economy is to make each employee entitled to a pension.

The President also stated another revolutionary development in the recent past was to rid the urban areas of garbage, beautifying them.

President Rajapaksa also stressed that the future vision of Mahinda Chintanaya was to enable the people of this country to live as dignified nation in the world economy while making both villages and towns equally attractive.

He added that to realize this vision was a matter of pride for the Government while accepting it to be an investment for the younger generation in the country.

The President also invited the opposition to join hands to fulfill the wishes of the people.

President Rajapaksa further stated that the public has been able to protect the benefits gained through peace and development.

He added the very fact is obvious by the trust that the people have placed in the Government at the recent Local Government elections. The trust, the people kept on us at the Presidential election, General election and the recent Local Government election is a good index of the sustainable development program persued by the Government.

The President further added that the message of the people gave at the election provide direction to both of those living this country as well as in the opposition.

President Rajapaksa stated the message conveyed by the voters was to work with dedication and for love the nation.

He added that the public demanded of the Government to commit ourselves to build the nation preserving the dignity and image of the country.

President Rajapaksa also stated that the time has reached to a point to consider the damage on the image of the country caused by false allegation of corruptions and crimes made by the Opposition in the international communities.

President Rajapaksa also said that certain news reports in newspapers cause damage to the image of the country, whether it is done deliberately or not.

He added that all politicians should be mature enough to engage in democratic politics devoid of those mistakes.

The President also commented on the service rendered by the public servants an the personnel of the three forces to provide relief to the innocent people affected by the recent unprecedented floods.

Source: http://www.dailynews.lk/2011/03/23/news02.asp
Category: Sinhala
Posted by: admin
මහින්ද අලුත්ගෙදර

සෙසු අන්තර් ජාතික ප්‍රජාව මෙන්ම ශ්‍රී ලංකාව ද ලිබියාවේ සිවිල් ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුව කෙරෙහි විමසිල්ලෙන් පසුවන බව රජය අවධාරණය කරයි. සිවිල් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ දී පවත්නා වෙනස්කම් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමේ මඟකට යොමු විය යුතු අතර, ලිබියාව සමඟ දිගු කලක් සබඳතා පවත්වන ශ්‍රී ලංකාව එවැනි සාමකාමී වාතාවරණයකට ඉක්මණින්ම යොමු වෙතැයි අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ප්‍රචණ්ඩකාරීත්වය හේතුවෙන් ජනතාවගේ තත්ත්වය පිරිහීමට ඉඩ දිය යුතු නැතැයි පවසන විදේශ කටයුතු අමාත්‍යාංශය සිවිල් ජනතාවගේ ආරක්ෂාව සහතික කරනු පිණිස ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සිටින ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරයි. ලිබියාවේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් එරට සිටි ශ්‍රී ලාංකිකයන් ගෙන් වැඩි පිරිසක් මේ වන විටත් මෙරටට ගෙන්වා ගෙන තිබෙන අතර කැමැත්තෙන් එරට රැඳී සිටින පිරිසගේ ද ආරක්ෂාව පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

ලිබියාවේ, ට්‍රිපොලි නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද තාවකාලිකව වසා දැමීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබෙන අතර, එරට තත්ත්වය යහපත් වූ සැණින් යළි එම තානාපති කාර්යාලයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

Source: http://www.dinamina.lk/2011/03/23/_art.asp?fn=n11032320
Category: Sinhala
Posted by: admin
ලෙබනන්හි ගෘහ සේවයේ යෙදී සිටි ශ්‍රී ලාංකික කාන්තාවක එරට රැකියා ඒජන්සියන සිවුවන මහලින් වැටී මියගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

අදාළ රැකියා ඒජන්සියට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බවත් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා තිබෙන බවත් කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී එල්.කේ.රුහුණගේ මහතා “දිනමිණ” ට පැවැසීය.

විසිනව හැවිරිදි ඇය පසුගිය ජනවාරි මාසයේ දී ගෘහ සේවය සඳහා ලෙබනනයට ගොස් ඇති අතර ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරිය කි. ලෙබනනයේ බාබ්දාද්හිදී මිය ගිය මේ කාන්තාව සම්බන්ධයෙන් දැනටමත් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අතර පරීක්ෂණ අවසන් වූ වහාම ඇයගේ දේහය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Source: http://www.dinamina.lk/2011/03/22/_art.asp?fn=n1103226
Category: Sinhala
Posted by: admin
අනෙකුත් රටවල් සමග ගත් සාමූහික තීරණයක්‌
සමන් ගමගේ

නේටෝ හමුදා ප්‍රහාර එල්ල වීමත් සමග ලිබියාවේ මතුවී තිබෙන අර්බුදකාරී වාතාවරණය හමුවේ ආරක්‍ෂක හේතූන් මත එරට ටි්‍රපොලි නුවර පිහිටා තිබූ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඊයේ (21 දා) සිට තාවකාලිකව වසා දැමීමට රජය පියවර ගෙන තිබේ.

ලිබියාව හා තානාපති සබඳතා පවත්වාගෙන ගිය අනෙකුත් රටවල තානාපති නිලධාරීන් ද සමග ගනු ලැබූ සාමූහික තීරණයකින් පසු එරට ශ්‍රී ලංකා තානාපතිවරයා කළ දැනුම්දීමකට අනුව රජය මෙම තීරණය ගෙන ඇත.

මේ අනුව ලිබියාවේ රැඳී සිටි ශ්‍රී ලංකා තානාපතිවරයා සහ දෙවන නිලධාරියා ඉදිරි දිනවල ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.
ලිබියාවේ ගැටුම්කාරී වාතාවරණය උත්සන්න වීමත් සමග එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ සෙසු නිලධාරීන් පසුගිය දිනවල යළි ශ්‍රී ලංකාවට පැමිණීමට පියවර ගෙන තිබිණි.

ඔවුන්ගේ පැමිණීමෙන් පසු පෙරේදා (20 දා) වන තෙක්‌ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කටයුතු කරනු ලැබුවේ තානාපතිවරයා සහ දෙවන නිලධාරියා පමණි.
ලිබියාවේ සිටි අනෙකුත් ශ්‍රී ලාංකිකයන් අතරින් දහසකට අධික සංඛ්‍යාවක්‌ ඊයේ (21 දා) වනවිට යළි ශ්‍රී ලංකාවට පැමිණ අවසන්ව තිබූ බවද විදේශ අමාත්‍යාංශය කියා සිටියි.
එරට තුළ ගැටුම්කාරී වාතාවරණය උත්සන්න වෙමින් තිබියදීත් යළි මව් බිමට පැමිණීමට උනන්දුවක්‌ හා අවශ්‍යතාවක්‌ නොදැක්‌වීම හේතුවෙන් තවත් ශ්‍රී ලාංකිකයන් අතළොස්‌සක්‌ දෙනා ලිබියාවේ රැඳී සිටින බවද ශ්‍රී ලංකා තානාපතිවරයා විදේශ අමාත්‍යංශයට දැනුම්දී තිබේ.

Source: http://www.divaina.com/2011/03/22/news01.html