Archives

You are currently viewing archive for April 2011
Category: Sinhala
Posted by: admin
ශ්‍රී ලාංකික ඇඟලුම් සේවක සේවිකාවන් පිරිසක් ජෝර්දානයේ ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ විශේෂ නියෝජිතයන් දෙදෙනෙකු අද (28) ජෝර්දානය බලා පිටත්ව යති.

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතාගේ නියමයකට අනුව සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතාගේ මඟ පෙන්වීම පරිදි මෙම නියෝජිතයන් දෙදෙනා ජෝර්දානය බලා පිටත්ව යන අතර විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍යාංශයේ නිලධාරියෙක් හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියෙක් ඊට අයත් වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රකාශකයෙක් “දිනමිණ”ට පැවසීය.

ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන මේ නියෝජිතයන් දෙදෙනා ජෝර්දාන රජයේ නිලධාරීන් හා අදාළ ඇඟලුම් කම්හල්හි බලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත අතර එමඟින් අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට හැකි වෙතැයි විදේශ සේවා නියුක්ති කර්යාංශය විශ්වාසය පළ කරයි.

මේ අතර එම ප්‍රකාශකයා සඳහන් කළේ ශ්‍රී ලංකාවෙන් ජෝර්දානයට රැකියා සඳහා ශ්‍රමිකයන් යොමු කරන රැකියා නියෝජිතායතන නිලධාරීන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කැඳවා විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බවයි.
Category: Sinhala
Posted by: admin
රැකියා සඳහා විදේශගත වන ශ්‍රී ලාංකිකයන් වෙත විශ්වාසදායීබව තහවුරු කරමින් පහසු මිලට ගුවන්ටිකට්පත් ලබාදීම සඳහා විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍ය නීතීඥ ඩිලාන් පෙරේරා මහතාගේ අදහසක් අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්ටිකට්පත් නිකුත්කිරීමේ ඒකකය SLBFE TRAVELS නමින් නව සේවා මධ්‍යස්ථාන විවෘත කිරීම අද දින (2011-04-26 පෙ.ව 10x37 ට යෙදුණු සුබ මොහොතින් විවෘත කෙරින.

මෙම ඒකකය මඟින් විදේශ රැකියාලාභීන්ට පමණක් නොව විදේශගතවීමට අපෙක්ෂිත ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම රටකට ඕනෑම ගුවන් සමාගමක ටිකට්පත් පහසු මිලට මිළදී ගැනීමට පහසුකම් සලසා ඇත. මේ අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති නීතීඥ කිංස්ලි රණවක, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් නිශ්ශංක එස් විජේරත්න, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී හරිස්චන්ද්‍ර බටගොඩ, ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ නලීන් තරංග ගම්ලත් ගුවන් සමාගම්වල නියෝජිතයින් ඇතුළු ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

පීත්ත පටිය කපා ඒකකය විවෘත කළ අයුරු

ප්‍රථම ගුවන්ටිකට්පත ප්‍රදානය කළ අයුරු

ගුවන්ටිකට්පත් ඒකකය
අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අතින් එම සේවාව විවෘත කිරීමෙන් අනතුරුව දෝහා කටාර් රාජ්‍යයේ හෝටල් කෝකිවරයෙකු ලෙස විදේශගතවීමට සිටින මරදානේ පදිංචි අසංක මංජුල මහතා වෙත අමාත්‍යවරයා ප්‍රථම ගුවන්ටිකට්පත ප්‍රදානය කළ අයුරු පීත්ත පටිය කපා ඒකකය විවෘත කළ අයුරු සහ ගුවන්ටිකට්පත් ඒකකය ජායාරූප වලින් දැක්වේ


කල්‍යාණප්‍රිය රාමණායක
ප්‍රවෘත්ති නිළධාරී
ප්‍රචාරක හා මහජන සම්බන්ධතා
Category: Sinhala
Posted by: admin
නව ගුවන් ටිකට්පත් මධ්‍යස්ථානය විවෘත කරමින් ඇමති ඩිලාන් කියයි


”මෙරටට වැඩිම විදේශ විනිමය ගෙනෙන රටවිරුවන් වන විදේශ සේවා නියුක්තිකයින් සඳහා සියලූ සේවා ඉතා පහසු ලෙස ලබාදීම අත්‍යාවශ්‍ය කරුණක්. ඒ අනුවයි, මෙතෙක් කල් මෙම ආයතනයේ සේවාවන්ට එක් නොවී තිබූ ගුවන් ටිකට්පත් ශ්‍රමිකයින්ට ලබාදීම වෙනුවෙන් ටිකට්පත් නිකුත්කිරීමේ අංශයත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පරිශ්‍රයේ අද විවෘත වුණේ. මෙයින් නොනැවතී රට රැකියා කරන පිරිසට අවශ්‍ය වෛද්‍ය සහතිකපත් ලබාදීම, රක්‍ෂණාවරණ සැපයීම ආදී විගමනික ශ්‍රමිකයින් සඳහා අනිවාර්යය ලෙස සැපයිය යුතු සියලූ සේවා ඉතා කඩිනමින් කාර්යාංශ පියස යටට ගෙන ඒමට අප කටයුතු කරමින් තිබෙනවා.”
null
විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මෙම අදහස් ප්‍රරකාශ කළේ විදේශ රැකියා සඳහා පිටත්ව යන්නන් සඳහා ගුවන් ටිකට්පත් නිකුත්කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ප්‍රරධාන කාර්යාලීය පරිශ්‍රයේ ඉදිකළ නව ගුවන්ටිකට්පත් මධ්‍යස්ථානය අද (අප්‍රේලි 26* පෙරවරුවේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී රැස්ව සිටි පිරිස අමතා වැඩිදරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

රටට අවශ්‍යවී අත්තේ ඉලක්ක සහගත වැඩපිළිවෙලක්. කාර්යාංශයේ විදිහට මේ වසර තුළ අපි අපේ ඉලක්ක සපුරාගත යුතුයි. එවිටයි ඉදිරියට ගමන් කළ හැක්කේ. අද මේ විවෘත වන ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේ අංශය අප ඉලක්ක කළ කාලයට පෙර විවෘත කිරීමට හැකි වුණේ එවැනි ඉලක්ක සහගත ක‍්‍රියාවලියක ප‍්‍රතිපලයක් හැටියටයි. ජනතාවාදීව ඉතා කාර්යක්‍ෂම සේවාවන් රැසක් සපයන ආයතනයක් බවට මෙම කාර්යාංශය අද පත්ව තිබෙනවා. නමුත් විදේශගත වන්නන් සඳහා ගුවන්ටිකට්පත් නිකුත්කිරීමේ අංශයක් අපට මෙතෙක් තිබුණේ නෑ. කාර්යාංශයත් රජයේ විදේශ රැකියා ඒජන්සි ආයතනයත් කොරියාවට, ඊශ‍්‍රායලයට රැකියා සඳහා වසරකට දස දහසකට වැඩි පිරිසක් රැකියා සඳහා යවනවා. ඒ අය විතරක් ගත්තත් මෙවැනි මධ්‍යස්ථානයක් පිහිටුවීම ඉතා වැදගත්. ඒ හැරෙන්නට විදේශ රැකියා ඒජන්සි ආයතන වසරකට ඉතා විශාල ප්‍රමාණයක් විදේශගත කිරීම් සිදුකරනවා. ඒජන්සි ආයතනවලට ඔවුන්ගේ ව්‍යාපාර නිවැරදි ලෙස පවත්වාගෙනයාමට අපේ සහයෝගය අපිනිරන්තරයෙන් ඔවුන්ට ලබාදෙනවා ඒ වගේම ඔවුන්ටත් වගකීමක් පැවරෙනවා අප හා එක්ව මහජන සේවාවන් සඳහා සහයෝගය ලබාදිමට. අනෙක් අතට මෙරට කි‍්‍රයාත්මකවන ගුවන් සමාගම්වලටත් රජයට



සම්බන්ධ මෙම නව අංශය සමග එක්ව කටයුතු කිරීමේ අවස්ථාව හිමිවී තිබෙනවා. මේ සෑම කොටසක ගේම එකතුවෙන් විදේශ රැකියා සඳහා පිටත්ව යන සියලූදෙනාට මේ නව මධ්‍යස්ථානයේ සේවාවන් ලබාගැනීමේ අවස්ථාව මේ සමඟ උදාවෙනවා.

මෙවැනි ඉදිරිගාමී තත්ත්වයක් දක්වා කාර්යාංශය ගෙන එන්නට හේතු වුණේ ජනාධිපතිතුමන් කම්කරු අමාත්‍යවරයාව සිටියදී මේ ක්‍ෂේත‍්‍රය ගොඩනැගීමට ගත් පියවරයනුයි. එතුමා මෙම ක්‍ෂේත‍්‍රය පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරනවා. ඒ නිසයි අද විගමනික ශ්‍රම්කයන්ට විශ‍්‍රාම වැටුප් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක මට්ටමේ පවතින්නේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ 25 වන වගන්තිය යටතේ කාර්යාංශයට හැකියාව පවතිනවා වෙනත් ආයතන සම්බන්ධ කරගනිමින් විගමනිකයින් සදහා අවශ්‍ය ආයතන පිහිටුවාගෙන මහජන සේවා සැපයීමට. ඒ අනුව ඉදිරියේදී තවත් මෙවැනි අංශ කිහිපයක් විගමනික අවශ්‍යතා අනුව ස්ථාපිත කිරීම අපේ අරමුණයි. විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් ඔවුන්ට විදේශ රැකියාවේ යෙදී සිටියදී ඇතිවිය හැකි ගැටලූ කාර්යාංශයට දන්වා විසදුම් ලබාගැනීමට හැකි ආකාරයේ දිනයේ පැය 24 ම විවෘතව පවතින තොරතුරු මධ්‍යස්ථානයක් ලබන මාසයේදී කාර්යාංශ පරිශ‍්‍රයේ පිහිටුවීමට අප පියවර ගෙන තිබෙනවා. මේ ආකාරයෙන් විදේශගත ශ්‍රමිකයන් ඇතුලූ විදේශයන්හි ජීවත්වන සියලූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඉහළ ගුණාත්මක සේවාවන් සැපයීමට අප නිරන්තරයෙන් කටයුතු කරනවා” යැයි ද පැවසීය.

එහිදී රැස්ව සිටි පිරිස ඇමතා අදහස් දැක්වූ කාර්යාංශ සභාපති නීතීඥ කිංස්ලි රණවක මහතා.. ”පසුගිය වසරේ විගමනික ශ්‍රමික ආරක්‍ෂාව පිළිබඳ සැළකිලිමත් වෙමින් අපට හැකි වුණා වසර ගණනක් තිස්සේ වෙනසකට ලක් නොවී තිබූ කාර්යාශ පනත ශ්‍රමික අවශ්‍යතා අනුව සංශෝධනය කරන්න. ශ්‍රමික සුබසාධනය වෙනුවෙන් ක්‍රියාවට නැගෙන තවත් එක් වැඩපිළිවෙලක් ලෙයසි අද මෙය විවෘත වන්නේ විදේශගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඇතුලූ මෙරට ජනතාවට විශ්වාසවන්තව, අඩු මුදලට ඉතා පහසුවෙන් ගුවන්ටිකට්පත් ලබාගැනීමේ හැකියාව මේ සමඟ විවර වෙනවා.” යැයි පැවසීය. මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් නිශ්ශංක එන් විජේරත්න, කාර්යාංශ සාමාන්‍යාධිකාරී එච් බටගොඩ, ක‍්‍රියාකාරී අධක්‍ෂ තරංග නලීන් ගම්ලත් යන නිළධාරීහු ඇතුලූ කාර්ද සහභාගී වී සිටියහ.