Archives

You are currently viewing archive for September 2011
Category: Sinhala
Posted by: admin
විදේශ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින්ට නොමිලයේ තොරතුරු තාක්‍ෂණය ආශ්‍රීත දැනුම ලබාදීමේ ව්‍යපෘතියක් සදහා මයික්‍රොසොෆ්ට් ආයතනය හා ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය විරෝධී සංගමය සමඟ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඊයේ (සැප් 28) කොළඹදී ගිවිසුමකට එළඹුණි. විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා හා මයික්‍රොසොෆ්ට් සමාගමේ ආසියා ශාන්තිකර කලාපීය සභාපති ට්‍රේසි ෆෙලෝ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගිවිසුම් අත්සන් කිරිම සිදුවිය.

විදේශගතවන පුද්ගයින්ට අමතරව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සතු පරිගණක දැනුම නංවාලීම ද මෙම ව්‍යාපෘතිය මගින් සිදුකිරිමට අපේක්ෂා කෙරේ. දෛනික සේවා කටයුතු පහසු කිරිම, තොරතුරු තාක්ෂණය හරහා ශ්‍රමිකයින් හා ඔවුන්ගෙ පවුල් අතර මනා සබඳතාවක් පවත්වාගැනිමට හුරු කිරීම, ශ්‍රමිකයින්ගේ දරුවන් වෙනුවෙන් වූ නිසි මාර්ගෝපදේශනය ලබාදිම ව්‍යාපෘතියේ අපේක්ෂිත ප්‍රතිඵල අතර වේ.

2007-2008 වසරේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ ප්‍රථම හා දෙවන අදියර මගින් මධ්‍යස්ථාන 10කදී විදෙස්ගත වු ශ්‍රමිකයින් 15000 කට පමණ පරිගණක දැනුම ලබා දි ඇති අතර ව්‍යාපෘතියේ තෙවන අදියරේ දී උතුරු, නැගෙනහිර පළාත් ඇතුළුව දිවයිනේ සියලූම පළාත් ආවරණය වන පරිදි මධ්‍යස්ථාන පිහිටුවීමට අපේක්ෂා කෙරේ. සිංහළ හා දමිළ භාෂා මාධ්‍යයන් ගෙන් මෙම මධ්‍යස්ථානවල ඉගැන්විම් සිදුකෙරේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති නීතීඥ කිංස්ලි රණවක, මයික්‍රොසොෆ්ට් ආයතනයේ ශ්‍රී ලංකා ප්‍රධානි සිරියන්ද සිල්වා විජේරත්න, ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය විරෝධී සංගමයේ සභාපති අසිත ගුණසේකර යන මහත්වරු එම ගිවිසුම් හුවමාරු කරගත් අවස්ථාව හා ත්‍රෛපාර්ෂවීය සුහදතාවය බෙදාගත් අයුරු ඡායාරූපයන් ගෙන් දිස්වේ.



20110929-img_1207.jpg

20110929-img_1241.jpg


Category: Sinhala
Posted by: admin
රුපියල් මිලියන 375ක වියදමින් ඉදිකෙරෙන ඌව පළාත් ක්‍රීඩා සංකීර්ණයට මුල් ගල් තැබීම අද පෙරවරුවේ ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හා විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනයේදී සිදුකෙරිණි.

යෝජිත ක්‍රීඩා සංකීර්ණය මීටර් 400 ධාවන පථයක්, පුහුණු ධාවන පථයක්, අංග සම්පූර්ණ ප්‍රේක්ෂකාගාරයක්, මීටර් 50 ප්‍රමාණයේ පිහිණුම් තටාකාංගනයක්, ගෘහස්ත ක්‍රීඩාගාරයක් හා වෛද්‍ය ඒකකයක් ඇතුලූ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයකට ඇතුළත් විය යුතු තවත් අංග රැසකින් සමන්විතවේ. මෙහි ඉදිකිරීම්, ඉන්ජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් සිදුකරණු ලබන අතර ඉදිරි වසරේ අගභාගය වනවිට ඉදිකිරීම් කටයුතු නිම කොට ජනතා අයිතියට පත් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය. මුල් ගල් තැබීමේ උත්සව අවස්ථාවට යලි පදිංචි කිරීමේ කටයුතු පිළිබඳ අමාත්‍ය ගුණරත්න වීරකොන්, ඌව පළාත් ක්‍රීඩා හා වතු යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය අකලන් සෙන්දිල් තොන්ඩමාන් යන මහත්වරු ඇතුළු දේශපානඥයින් රැසක් හා රාජ්‍ය නිලධාරීහු පිරිසක් ද සහභාගී වී සිටියහ. අමාත්‍යවරු ක්‍රීඩා සංකීර්ණයේ සමරු ඵලකය විවෘත කළ අයුරු හා එහි සැලැස්ම පරික්ෂාවට ලක්කළ අයුරු ඡායාරූපවලින් දැක්වේ.

20110928-img_0705.jpg

20110928-img_0744.jpg


Category: Sinhala
Posted by: admin
ශ්‍රී ලංකාවට මෙතෙක් විවෘත නොවූ ජපානයේ ඇගලූම් ක්‍ෂේත්‍රයේ රැකියා සඳහා ලබන වසරේ සිට ශ්‍රී ලාංකික තරුණ තරුණියන් යැවීමට අවස්ථාව ලැබී ඇති බව ශ්‍රී ලංකා විදේ ශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති නීතීඥ කිංස්ලි රණවක මහතා ප්‍රකාශ කරයි.

ජපානයේ රැකියා සඳහා ශ්‍රමිකයන් බදවා ගන්නා ආයතන වල සහ ජපානයේ කර්මාන්ත ශාලා කිහිපයක ප්‍රධානීන් ගෙන් යුත් විශේෂ නියෝජිත පිරිසක් පසුගියදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සභාපති නීතීඥ කිංස්ලි රණවක මහතා හමුවී පවත්වන ලද සාකච්ඡාවකදී මේ පිළිබඳව ඔවුන් කරුණු අනාවරණය කර ඇත.

ජපානයේ රැකියා සඳහා බඳවා ගන්නා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ප්‍රමාණය වැඩිකරගැනීම මෙම නියෝජිත පිරිසේ අරමුණ විය. ඇඟලූම් ක්‍ෂේත්‍රයේ පමණක් නොව එරට කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල සේවය සඳහා පුහුණූ අභ්‍යාසලාභීන් ලෙස ශ්‍රී ලාංකිකයින් බඳවා ගැනීමටද මෙම නියෝජිත පිරිස එකඟතාවය පලකර ඇත.

මේ අනුව 2012 වසරේ සිට ජපානයේ රැකිය සඳහා යවන ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය ඉතා සැලකියයුතු ලෙස වැඩිකරගත හැකි අතර අඟලූම්කම්හල්වල රැකියා අවස්ථා සඳහා ශ්‍රමිකයන් යැවීමට අවස්ථාව ලැබී ඇති බැවින් තරුණියන්ටද වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මෙම නියෝජිත පිරිස අතර ජපානයේ ඇඞ්වාන්ස් ඇසෝෂිඒෂන් සමාගමේ වෙළඳ අධ්‍යක්ෂ කෂුමි මේයිදා, කොයාමා හවුසේ සමාගමේ ප්‍රධානී කෂුහිදේ කොයාමා, සීමාසහිත තතේ බයෂි ඉරෝ සමාගමේ සභාපති මසාකි සුතෝ යන මහත්වරු සහ ජපානයේ කම්කරු සුභසාධන නිලධාරී චන්න අබේනායක යන මහත්වරු ද වූහ.

20110928-img_9976.jpg



Category: Sinhala
Posted by: admin
මෙරට ශ්‍රමිකයින් සඳහා දකුණු කොරියානු රාජ්‍යයේ රැකියා අවස්ථා ඉහළ නංවාගැනීමේ අරමුණින් හා එරට රැකියාවල නියුතු ශ්‍රමිකයින්ගේ සුබසාධනය පිළිබඳව සොයා බැලීම සඳහා විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ඇතුළු පිරිසක් පසුගියදා එරට සංචාරයක නිරත වූහ. සංචාරය අතරතුර දකුණු කොරියාවේ බූසාන් නගරයේ පිහිටි හයිහුන්ඩායි (Hyundai) නාවික යාත්‍රා නිෂ්පාදන ආයතනය වෙත ගිය අමාත්‍යවරයා ඇතුළු පිරිස එහි සේවය කරන 300කට අධික ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හමුවුහ. අනතුරුව ලෝකයේ ප්‍රධාන පෙළේ නිෂ්පාදන සමාගමක් වූ එම කර්මාන්තායතනයට මෙරට ශ්‍රමිකයින් වැඩි වශයෙන් බඳවා ගැනීමට ඇති හැකියාව පිළිබඳව එහි පාලනාධිකාරය සමග අමාත්‍යවරයා සාකච්ඡාවක නිරත වූ අතර එහිදි ශ්‍රී ලාංකීක ශ්‍රමිකයින් වැඩි වශයෙන් සිය කර්මාන්ත ආයතනයට ඉදිරියේදී බඳවා ගැනීමට ඔවුන් එකඟතාවය පලකොට තිබේ.
අමාත්‍යවරයා ශ්‍රී ලාංකීක ශ්‍රමිකයින් හමුවු අවස්ථාව හා ආයතන ප්‍රධානීන් සමග එම කර්මාන්ත ආයතනය නිරික්‍ෂණය කළ අයුරු ඡායාරූපවලින් දැක්වේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති නිතිඥ කිංස්ලි රණවක මහතා ද සංචාරයට එක්ව සිටියේය.

20110922-kor1.jpg

20110922-kor2.jpg


Category: Sinhala
Posted by: admin
බදුල්ල දිස්ත්‍රික්කයේ විදේශ රැකියා වල නියුතු පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක වන පරිගණක මධ්‍යස්ථානයක් අද පෙරවරුවේ (සැප්. 18 දින) විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අතින් බදුල්ල නගරයේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලයේ දී විවෘත කෙරිණි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, මයික්‍රෝසෝෆ්ට් ආයතනය හා ශ්‍රී ලංකා මත්දව්‍ය විරෝධි සංගමය සමග එක්ව විගමනික ශ්‍රමික ප්‍රජාවගේ දූ දරුවන් සතු පරිගණක දැනුම ඉහළ නැංවීම වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපෘතියකට අනුව මෙම මධ්‍යස්ථානය ඉදිකොට තිබේ.

අමාත්‍යවරයා පරිගණක මධ්‍යදස්ථානය විවෘත කළ ආකාරය හා ඉන් අනතුරුව වැල්ලවාය ඇතිලිවැව ප්‍රදේශයෙන් විදේශගතව ජෝර්දානයේ සේවය කරන බි. කේ. සජීවා නම් ගෘහ සේවිකාවක සිය සැමියා හා දරුවන් සමග එහිදි අන්තර් ජාලය ඔස්සේ සම්බන්ධ වූ අවස්ථාව ඡායාරුපයෙන් දැක්වේ. එම අවස්ථාවට සහභාගී වූ බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක, කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරි ඒ. කේ. යු. රෝහණ යන මහත්වරු ද මෙහි වෙති.

20110919-02lab.jpg

20110919-01lab.jpg


Category: Sinhala
Posted by: admin
බදුල්ල දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදා කිරීමේ අරමුණින් සංවිධානය කළ රැකියා පොළක් අද (සැප්. 18) දිනය පුරා බදුල්ල අල් අදාන් විද්‍යාලයේ දී පැවැත්විණි. විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍යංශය සංවිධාන කළ ඊට ප්‍රදේශයේ තරුණ තරුණියන් විශාල ප‍්‍රමාණයක් සහභාගී වී සිටි අතර රාජ්‍ය හා පෞද්ගලික දෙ අංශයේ ආයතන රැසක් ද ඊට සහභාගී විණි.

රැකියා පොළ අවස්ථාවට පැමිණි විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාට බදුල්ල දිස්ත්‍රික් යෞවන සමාජ සමාජිකයින් විසින් යෞවන සමාජ මිත්‍රත්ව අත් පලඳනාවක් පැලැන්දූ අකාරය ඡායාරුපයෙන් දිස්වේ.

20110919-02fri.jpg


Category: Sinhala
Posted by: admin
20110919-minister.jpg
2011 වසරේ සැප්තැම්බර් මස 21 සිට 23 දින දක්වා චීන තායිපේහිදී පැවැත්වීමට නියමිත 16 වන ආසියානු මහාද්වීපික වොලිබෝල් සම්මේලනයේ වාර්ෂික සමුළුවට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍ය නීතීඥ ඩිලාන් පෙරේරා මහතා අද රාත්‍රී (17) දිවයිනෙන් පිටත්ව යයි.

ඔහු මෙවර ආසියානු මහාද්වීපික වොලිබෝල් සම්මේලනයේ පරිපාලන කම්ටුවේ නිළධාරීයෙකු ලෙස තේරී පත්වීම සඳහා තරග වැදීමට නාම යෝජනා භාරදී ඇත. තවද පසුගිය ජනවාරි මාසයේදී ඉන්දියාවේ චෙන්නායිහිදී පැවැති මධ්‍යම ආසියානු කලාපීය වොලිබෝල් සංගම් කාර්යාලයේ සභාපතිධුරයටද පත්කරනු ලැබීය.

ඩිලාන් පෙරේරා මහතා 2005 වසරේ සිට ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපතිධුරය හොබවන අතර ඔලිම්පික් කමිටුවේ උප සභාපති ලෙසද කටයුතු කරයි. තවද ඒ මහතා ලබන ඔක්තොම්බර් මස 8 සිට 15 වන දින දක්වා හම්බන්තොටදී පැවැත්වීමට නියමිත ප්‍රථම දකුණු ආසියානූ වෙරළ ක්‍රීඩා උළෙලේ සංවිධායක කමිටුවේ සභාපතිධුරයද දරයි.

13 වන ආසියානූ මහාද්වීපික වොලිබෝල් සම්මේලනයේ වාර්ෂික සමුළුව සඳහා අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සමඟ ශ්‍රී ලංකා වොලිබොල් සංගමයේ ප්‍රධාන ලේකම් සුසිල් රණසිංහ, එහි භාණ්ඩාගාරික රොහාන් සෝමවංශ යන මහත්වරුද සහභාගී වෙති.


Category: Sinhala
Posted by: admin
ඇමති ඩිලාන් පෙරේරා.............


ලෝක ආර්ථික අර්බුද හමුවේ පවා ඇද නොවැටුණු ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මේවන විට සියයට 9ක අගයකට ආසන්න වී ඇති බවත්, එහිදී විදේශ ගත ශ්‍රමිකයින් මෙරට විදේශ විනිමයේ ප්‍රධාන කොටස් කරුවන් වෙමින් ජාතික ආර්ථිකයේ වර්ධනය වෙනුවෙන් දක්වන දායකත්වය ප්‍රශංසනීය බවත් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. වසර 30ක් පැවති එල්ටීටීඊ ත‍්‍රස්තවාදී යුදධය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ නායකත්වය යටතේ රණවිරුවන් පරාජය කළ බවත් දිනාගත් දේශයේ ආර්ථික යුද්ධය ජය ගැනීමට පෙරටුගාමී මෙහෙවර ඉටුකරන්නේ විදේශගත ශ්‍රමිකයින්බවත් පැවසූ අමාත්‍යවරයා එම ශ්‍රමිකයන් වෙනුවන් ඉටු කළ හැකි ඉහළම සත්කාරය නම් ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය ගොඩනැගීම බව පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ විදේශ ගත ශ්‍රමිකයින්ගේ දූදරු කුසලතා ඇගයීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සංවිධානය කළ “මතු අස්වනු උදෙසා ළමාකෙත අස්වැද්දුම” 2010/11 සමස්ත ලංකා තරගාවලියේ ජයග්‍රාහකයින්ට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීම සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයේ සැප්. 13 පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි. සිංහල හා දෙමළ භාෂා මාධ්‍යයෙන් පැවති එම තරගාවලිය යටතේ 2010 වසරේ කථික, ගායනා, චිත්‍ර හා රචනා අංශයන්ගෙන් ප්‍රථම, දෙවන, තෙවන හා කුසලතා ජයග්‍රහන ලැබූ 289 දෙනෙකුට එහිදී ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කෙරිණි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දැක්වමින්, ”විගමනික ශ්‍රමිකයන්ගේ මූලිකම බලාපොරොත්තුව දරුවන්. ඔවුන් විදේශගත වන්නේ දරුවන්ට පැහැදිලි අනාගතයක් ගොඩනගන්නයි. තමන්ට වඩා හොඳ හෙට දවසක් තම දරුවන්ට තනාදීම ඔවුන්ගේ අපේක්ෂාවයි. දෙමව්පිය උණුසුමින් රැකවරණයෙන් ඈත්වන මේ දරුවන් සාසල් ජීවිත කාලය තුළ පංතිකාමරයේදී දක්වන දක්ෂතාවයන් ඇගයීම කාර්යාංශය ක්‍රියාවට නංවන අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහනින් සිදු කෙරෙනවා. අප මෙහි දී පංති කාමරයෙන් පිටත දක්ෂතා දක්වන විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන් ඇගයීමට ලක්කරනවා. මේ දරුවන් කථික ගායනා සිතුවම් කියන කුමන අංශයෙන් ඔවුන්ගේ දක්ෂතා පෙන්වුවත් ඒවායේ තේමාව වී තිබෙන්නේ මව්පියවරු. විදේශගතව රැකියා කරන ශ්‍රමිකයින්ට දැක්විය හැකි ඉහළම උපහාරය වන්නේ මෙම දරුවන් නිරන්තර ඇගයීමට ලක්කිරීමයි. දිවයිනේ දක්ෂතම ගායනා හැකියාවන් දැක්වූ විගමනික ශ්‍රමිකයින්ගේ දරුවන්ගේ නිර්මාණ ඇතුලත් සීඩී තැටියක් නිශ්පාදනය කිරීමට පියවර ගෙන ඇත්තේද ඒ හේතුවෙන් යැයි පැවසීය.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය “දෙමව්පිය රැකවරණය උණුසුම තරම් දරුවන්ට සමීප සෙනෙහසක් කොතනකවත් නෑ. මගේ මව විදේශගතව රැකියා කළ කාන්තාවක්. ඒ හේතුවෙන් විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන් තුළ ඇති හැගීම් පිළිබඳ මට හොඳ අවබෝධයක් තිබෙනවා. තනිකමක් ඇතිව ජීවත්වන මෙම දරුවන් ඇගයීම ඉතාම වටිනවා. මේ වේදිකාව ඔවුන්ට විශාල පන්නරයක් වේවි. මේ දරුවන්ගේ දෙමව්පියන් විදේශගතව රැකියා කරන්නේ සතුටින් නෙවෙයි. ඔවුන්ගේ සතුට මෙම දරුවන්. ඒ හේතුවෙන් මේ දරුවන් ඇගයීම බොහෝ වටිනවා” යැයි පැවසුවාය.

කාර්යාංශයේ සභාපති නීතීඥ කිංස්ලි රණවක “පසුගිය කාලය මුලූල්ලේ විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් කාර්යාංශය විශාල ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කළා. දරුදිරිය ජාතික වැඩසටහනේදී දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම විදේශගතවී ඇති ශ්‍රමිකයින්ගේ දරුවන් පාසල් මට්ටමින් කාර්යාංශය හා සම්බන්ධ වෙනවා. මේ හේතුවෙන් අපට හැකිවී තිබෙනවා මූලික රැකවරණය පවා අහිමි වූ විදේශ ගත ශ්‍රමිකයින්ගේ දරුවන් ආරක්ෂා කිරීමට. දරුවන් වෙනුවෙන් දියත් කෙරෙන මේ වැටසටහන් කාර්යාංශයේ සුබසාධන ව්‍යාපෘති අතර ප්‍රමුඛ ස්ථානයේ තබා අප කටයුතු කරනවා” යැයි පැවසීය.

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සභාපති ජගත් වැල්ලවත්ත ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපති සේනක අබේගුණසේකර යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

20110915-img_7904.jpg

20110915-picture328.jpg


Category: Sinhala
Posted by: admin
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සුබසාධනය පිළිබඳ සොයාබැලීම හා රැකියා ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ඇතුළු පිරිසක් පසුගියදා දකුණු කොරියානු රාජ්‍යයේ සංචාරයක නිරත වූහ. එහිදී කයින්ගිදෝ ප්‍රදේශයේ සොයන්නෑම් හි පිහිටි “යක්ෂා” බෞද්ධ විහාරස්ථානයේ පැවති ආගමික වතාවත්වලටද අමාත්‍යවරයා සහ පිරිස සහභාගි වූහ. අමාත්‍යවරයා ඇතුළු පිරිස විහාරස්ථානය ඉදිරිපිට සමූහ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව. එම අවස්ථාවට සහභාගී වූ දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තනාපති තිස්ස විජේරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ සහ රොෂාන් රණසිංහ යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

20110915-temple1.jpg

20110915-temple2.jpg