Archives

You are currently viewing archive for December 2011
Category: Sinhala
Posted by: admin
කාල්ටන් සුවඋදාන සෞඛ්‍ය සායන වැඩසටහන යටතේ විශේෂඥ වෛද්‍ය සායනයක් පසුගියදා (දෙසැ22) බදුල්ල ඇටැම්පිටිය ගාවෙල කනිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්විණි. ඩිලාන් පෙරේරා සහයෝගිතා පදනම දින හතරක් පුරා ඇමතිකමට එක්වසරක් මැයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාව යටතේ මෙය පැවැත්විණි. විශේෂඥ වෛද්‍යවරු රැසකගේ සහභාගිත්වයෙන් සර්වාංග, අක්ෂි, උගුර කන නාසා ආදී බටහිර වෛද්‍ය සායන හා දේශීය වෛද්‍ය සායන රැසක් එහි පැවති අතර ඊට ප්‍රදේශයේ විශාල ජනකායක් සහභාගිවී සිටියහ. බදුල්ල දිස්ත්‍රික්කයේ ඉතා දුෂ්කර ගම්මානයක මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ප්‍රදේශයේ ජනයාගේ පැසසුමට ලක්වූ අතර වැඩසටහනට සමගාමීව ප්‍රදේශයේ පාසල්වලට පාසල් උපකරණ බෙදා දීම්, නායයාම්වලින් විනාශවූ නිවාස සදහා මූල්‍ය ආධාර පරිත්‍යාග කිරීම්, ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් රෝදපුටු පරිත්‍යාග කිරීම් ආදියද සිදු කෙරුණි. කාල්ටන් සුවඋදාන වැඩසටහනට සහභාගි වූ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ප්‍රදේශයේ ආබාධිත පුද්ගලයෙකු වෙනුවෙන් රෝද පුටුවක් භාරකරුවෙකු වෙත පරිත්‍යාග කළ අයුරු ඡායාරූපයේ දැක්වේ. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් කේ. ඞී. එල්. කේ ගුණවර්ධන මහතා ඇතුලූ රාජ්‍ය නිලධාරින් පිරිසක් හා ප්‍රාදේශීය දේශපාලනඥයින් රැසක්ද සහභාගී වී සිටියහ.

20111229-suwa.jpg



Category: Sinhala
Posted by: admin
විදේශගත ශ්‍රමිකයින් වෙනුවෙන්ම සකස්කරණ ලද විශේෂ ඉලෙක්ට්‍රොනික බැංකු කාඞ්පතක් විදේශගතවන ශ්‍රමිකයින් වෙත ඊයේ සිට නිකුත් කිරීමට රාජ්‍ය බැංකු පියවර ගෙන තිබේ. ගණුදෙනු කළ හැකි හා ගිණුම් තොරතුරුවලට අමතරව ශ්‍රමිකයාගේ ගමන් බලපත්‍ර දත්ත හා පිටරට රැකියා කරන ශ්‍රමිකයින්ට වැදගත්වන වෙනත් දත්ත එම කාඞ්පතට ඇතුළත් කොට තිබේ.

දෙසැ 18 දිනට යෙදුණු ජාත්‍යන්තර සංක්‍රමණික දිනය වෙනුවෙන් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දිපව්‍යාප්තව සංවිධානය කළ සැමරුම් වැඩසටහනේ ගාලූ මුවදොර පැවති විනිමය දිනූ රටවිරු උපහාර ‘දිරි සැරිය’ සමාරම්භක උළෙලේදී එම බැංකු කාඞ්පත් ප්‍රධාන රාජ්‍ය බැංකු ත්‍රිත්වයේ සභාපතිවරුන් විසින් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත සංකේතාත්මකව පිළිගන්වනු ලැබූහ. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා විශේෂ ඉලෙක්ට්‍රොනික බැංකු කාඞ්පතක් ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වූ අයුරු හා ජනාධිපතිතුමන් විගමනික ශ්‍රමිකයෙකු වෙත ඉලෙක්ට්‍රොනික බැංකු කාඞ්පතක් ලබාදුන් අයුරු ඡායාරූපවල දැක්වේ. විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා කාර්යාංශයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක යන මහත්වරු ද මෙහි වෙති.

20111221-img_5117.jpg

20111221-img_5121.jpg



Category: Sinhala
Posted by: admin
විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඇගයීම වෙනුවෙන් මුල්දින කවරයක් හා සමරු මුද්දරයක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය පියවර ගෙන තිබේ. දැය නංවන්නට එතෙර ශ්‍රමය වගුරන ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ කරන ලද ඉල්ලීමකට අනුව තැපැල් දෙපාර්තමේන්තුව එම මුල් දින කවරය හා සමරු මුද්දරය නිකුත්කොට තිබේ.

දෙසැ 18 දිනට යෙදුණු ජාත්‍යන්තර සංක්‍රමණික දිනය වෙනුවෙන් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දිපව්‍යාප්තව සංවිධානය කළ සැමරුම් වැඩසටහනේ ගාලු මුවදොර පැවති විනිමය දිනූ රටවිරු උපහාර ‘දිරි සැරිය’ සමාරම්භක උළෙලේදී එම මුල්දින කවරය හා සමරු මුද්දරය ඊයේ තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා විසින් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත සංකේතාත්මකව පිළිගන්වනු ලැබූ අයුරු ඡායාරූපයේ දැක්වේ. විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ද මෙහි වෙති.


20111221-cover.jpg

20111221-img_5056.jpg




Category: Sinhala
Posted by: admin
දෙසැ 18 දිනට යෙදුණු ජාත්‍යන්තර සංක්‍රමණික දිනය වෙනුවෙන් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඊයේ දිපව්‍යාප්තව සංවිධානය කළ සැමරුම් වැඩසටහනේ ගාලූ මුවදොරින් ගමන්ගත් විනිමය දිනූ රටවිරු උපහාර ‘දිරි සැරිය’ පාද යාත්‍රාවට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන් ආරම්භ විය. ඊට විදේශ තානාපතිවරු හා විදේශ නියොජිතයින් රැසක් ද එක්ව සිටියහ. ජනාධිපතිතුමන් විදේශ නියෝජිතයින් හා එක්ව දිරි සැරිය පාද යාත්‍රාවේ ගමන් ගත් අයුරු ඡායාරූපයේ දැක්වේ. දකුණු කොරියානු හා ජපාන තානාපතිවරු ද මෙහි වෙති.

20111220-ratav1.jpg

20111220-ratav2.jpg



Category: Sinhala
Posted by: admin
ශ්‍රි ලාංකික ශ්‍රමිකයන්ට වඩා හොඳ, වඩා සුරක්ෂිත හා වැඩි වැටුප් සහිත නව රැකියා වෙළඳපොල සොයා දීමේ "මහින්ද චින්තන" ප්‍රතිපත්තිය තව දුරටත් යථාර්තයක් බවට පත් කරමින්, වසර 2013 සිට වසරකට ඉතාලියට පුහුණු සේවක සේවිකාවන් 3500 ක් බැගින් යැවීමේ ගිවිසුමකට, ඉතාලියේ කම්කරු හා සමාජ සුබසාධන ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍ය මයුරිසියෝ සාකෝනි හා ශ්‍රි ලංකාවේ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා ඊයේ රෝමයේ දී අත්සන් තැබීය. දෙරටේ නිළධාරීන් හා ශ්‍රි ලංකා තානාපති කාර්යාල නිළධාරීන් මේ වන විටත්, මෙම ගිවිසුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ මීළඟ පියවර පිළිබඳව සාකච්ඡා කරමින් හා අදාළ සැලසුම් සකස් කරමින් සිටී. වසර 2012 මැද භාගයේ සිට ඉතාලි භාෂාව ඉගැන්වීමේ සහ ඉතාලි රැකියා සඳහා ශ්‍රමිකයන් පුහුණු කිරීමේ පාඨමාලා ආරම්භ කිරීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වන විට සැලසුම් සකස් කරමින් සිටියි.

මෙම ගිවිසුම යටතේ සාත්තු සේවක (Care giver), රියදුරු, ගෘහ පාලක වැනි රැකියා වලට මෙන්ම කෘෂි කේෂ්ත්‍රයට ද පුහුණු ශ්‍රමිකයන් යැවීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබේ. ගිවිසුමට යටත්වන සේවක සේවිකාවන්ගේ මූලික වැටුප්, සේවා කොන්දේසි, අතිකාල දීමනා වැනි කරුණු පිළිබඳව දෙරට අතර ඇතිකරගන්නා අවබෝධතා හා ගිවිසුම්, දැනටමත් ඉතාලියේ සිටින, ඇස්තමේන්තු ගත 75,000 ක් පමණ වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ රැකියා සුරක්ෂිත භාවයට හානි නොවී ඔවුන්ගේ සේවා තත්වය නගා සිටුවීමට ද සෘජුවම බලපානු ඇතැයි, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා බලාපොරොත්තු වෙයි. මෙම ගිවිසුම යටතේ විවෘත වන රැකියා කේෂේත්‍ර හා පුහුණු පාඨමාලා පිළිබඳ තොරතුරු 2012 අප්‍රේල් මස සිට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියෙන් හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලබා ගතහැකි බැවින්, ඉතාලි රැකියා ලබා ගැනීම සඳහා අතරමැදියන්ට මුදල් ගෙවීමට හෝ අවදානම් බෝට්ටු ගමන් වැනි ක්‍රම මඟින් ඉතාලියට යාමට උත්සාහ කිරීම අනවශ්‍ය බව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විශේෂයෙන්ම අවධාරණය කරයි.

20111207-img_1032.jpg

20111207-img_1039.jpg

ඉහත ඡායාරූපවලින් දැක්වෙන්නේ අදාල ගිවිසුම් අත්සන් කිරිමෙන් පසු ඉතාලියේ කම්කරු හා සමාජ සුබසාධන ප්‍රතිපත්ති පිළිබඳ ඉතාලි අමාත්‍ය මයුරිසියෝ සාකෝනි මැතිතුමන් හා ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මැතිතුමන් දෙපල විසින් සැමරුම් තිළිණ හුවමාරු කරගත් අවස්ථාවයි.
ඉතාලියේ ශ්‍රී ලංකා තනාපති අසිත පෙරේරා මැතිතුමා, විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභසාධන අමාත්‍යාංශයේ ලේකම් නිශ්ශංක විජේරත්න මහතා දල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කිංස්ලි රණවක මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.



Category: Sinhala
Posted by: admin
රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රමිකයින්ගේ දූ දරුවන් වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනට අදාළව 2012 වසර සඳහා අයඳුම්පත් මේ වන විට කැඳවා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම්දෙයි. කාර්යාංශය වාර්ෂිකව ක්‍රියාවට නංවන මෙම අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ විදේශගත ශ්‍රමිකයින්ගේ 05වසර ශිෂ්‍යත්ව විභාගය සමත්, අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් මාධ්‍ය භාෂාව ගණිතය හා ආගම යන විෂයන්ට සම්මාන සාමාර්ථ සහිතව සමත් හා අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයෙන් සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය ලත් දූ දරුවන් වෙත පිළිවෙලින් රු 15000, 20000, 30000 යන මූල්‍ය වටිනාකමින් යුත් ශිෂ්‍යත්ව පිරිනැමේ.

2008 වසරේ අගෝස්තු 21 වන දින සිට 2011 අගෝස්තු 21 දින දක්වා වන වසර තුනක කාලය තුළ රැකියා සඳහා මව හෝ පියා විදේශගත වූ දරුවන් මෙම ශිෂ්‍යත්ව ලැබීමට සුදුසුකම් ලබයි. අයදුම්කරුවන් 2012 මාර්තු 31 වන දිනට ප්‍රථම සිය අයදුම්පත් කළමනාකරු සුබසාධන, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, අංක 234, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, කොස්වත්ත, බත්තරමුල්ල යන ලිපිනයට යොමුකළ යුතුවේ. අයදුම්පත්‍රයේ ආකෘතිය හා ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳ සියලූ විස්තර පසුගිය නොවැම්බර් 27 වන ඉරුදින සිළුමිණ, තිනකරන්, වීරකේසරී හා ලංකාදීප යන පුවත්පත්හි දැන්වීම් මගින් පළ කොට ඇති අතර ශිෂ්‍යත්ව වැඩසටහන සම්බන්ධ වැඩිදුර තොරතුරු කාර්යංශයේ සුබසාධන අංශයේ 0112864117 යන දුරකථන අංකයෙන් හා www.slbfe.lk යන වෙබ් අඩවිය මගින් ලබාගත හැකිය.