Archives

You are currently viewing archive for November 2012
Category: Sinhala
Posted by: admin
ඩිලාන් කියයි.

20121107-img_9969.jpg


ජනතාව ජන්දයෙන් තෝරාපත් කරගන්නා ව්‍යවස්ථාදායකය ජනයාගේ ප්‍රජාතාත්‍රික අයිතිය හැමවිට නියෝජනය කරන බවත් ජනතාව වෙනුවෙන් ව්‍යවස්ථාදායකයට පැවරී ඇති එම බලය අධිකරණයට පැහැරගැනීමට කිසිවිට ඉඩ නොදෙන බවත් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හාලිඇල ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීම වෙනුවෙන් පසුගිය දා පැවති උත්සව අවස්ථාවට එක් වෙමිනි.

එහිදී රැස්ව සිටි ජනයා අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ” රටක මිලියන ගණනක ජනතාවකට ව්‍යවස්ථාදායකය නියෝජනය කරන්න බැරි නිසයි ඒ අය තමන් වෙනුවෙන් පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා යවන්නේ. ඒ අයගේ පරමාධිපත්‍ය මේ ජනතා නියෝජිතයින්ට පැවරෙනවා. එකටයි මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. හැම දෙයකටම වඩා බලවත් වෙන්නේ ඒ ජනතා පරමාධිපත්‍යයි. නමුත් අධිකරණය එවැනි ජනතා තෝරා ගැනීමකින් ස්ථාපිත කරන ආයතනයක් නොවෙයි. අමරිකා එක්සත් ජනපදයේ සමහර ප්‍රාන්තවල අධිකරණ කටයුතු වෙනුවෙන් විනිසුරුවන් ජනතාව තෝරා පත්කරගන්නා ක්‍රමවේදයක් තිබෙනවා. නමුත් ලංකාවේ එහෙම ක්‍රමයක් නෑ. ජනතා පරමාධිපත්‍ය සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාදායකය හා විධායකය මතයි රැඳී තියෙන්නේ. අධිකරණය ජනතාවගේ ජන්දයෙන් පත්වුණු ව්‍යවස්ථාදායකයේ බලය අභියෝගයට ලක්කරනවා නම් එහිදී අභියෝගයට ලක්වෙන්නේ ජනතා පරමාධිපත්‍යයි.

සමහර අවස්ථාවල ළමයෙක් පාසලකට දාන එක ගැන, නුවර නගරයේ වාහනයක් නතර කරන තැන ගැන, එල්.ටී.ටී.ඊ ය කොළඹට ගහන කාලේ බැරියර් එකක් දාන එක ගැන පවා තීරණ ගත්තේ අධිකරණය. නමුත් අපි ඒ අවස්ථාවල ගැටුමකට ගියේ නෑ. එත් අධිකරණය ජනතා බලය අභියෝගයට ලක්කරන අවස්ථාවල, ගැටුම් ඇතිකරගන්න අවස්ථාවල ඒ බලය ආරක්ෂා කරන්නේ කොහොමද කියන එක, ගැටුම් නිරාකරණය කරගන්නේ කොහොමද කියන එකට ව්‍යවස්ථාවේ වගන්ති තියෙනවා. මෙරට දුගී කම අවම කරන්න, ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රම දියුණු මට්ටමකට ගේන්න, සමෘද්ධි නිලධාරීන්ගේ සේවය ස්ථිර කරන්න, අපි ගන්න ජනතාවාදි පියවර අභියෝගයට ලක්වෙන කොට ඒවා ආරක්ෂා කිරීම අප කළ යුත්තක්. අධිකරණය තමන්ට පැවරිලා තියෙන බලය අනවශ්‍ය විදියට පාවිච්චි කරන කොට ව්‍යවස්ථාවට අනුවයමින් ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කරගන්න අවශ්‍යයි.” යැයිද පැවසිය.

20121107-img_0138.jpg


හාලිඇල ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ඒ.එල්.එම් අතාවුල්ලා, පොල් සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්ප කුමාර යන අමාත්‍යවරු රැස්ව සිටි පිරිස අමතා අදහස් දැක්වීය. බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක, හාලිඇල ප්‍රාදේශීය සභාවේ සභාපති නිමල් සේනානායක යන මහත්වරු හා සභාවේ පක්ෂ විපක්ෂ මනිත්‍රිවරු ඇතුළු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.



Category: Sinhala
Posted by: admin
හාලිඇල ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ඉදිකළ නව දෙමහල් බහුකාර්ය ගොඩනැගිල්ල විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ විවෘත කෙරුණි. රුපියල් මිලියන 58ක වියදමින් ඉදිකළ නව ගොඩනැගිල්ල පරිපාලන සංකීර්ණයකින්, ශ්‍රවනාගාරයකින් හා ප්‍රාදේශීය සභා ශාලාවකින් සමන්විතය. විවෘත කිරීමේ අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ඒ.එල්.එම් අතාවුල්ලා, පොල් සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර යන අමාත්‍යවරුද සහභාගී වී සිටියහ. අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කළ අයුරු හා සමරු ඵලකය නිරාවරණය කළ අයුරු ඡායාරූපවල දැක්වේ. බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක, හාලිඇල ප්‍රාදේශීය සභාවේ සභාපති නිමල් සේනානායක යන මහත්වරු හා සභාවේ පක්ෂ විපක්ෂ මනිත්‍රිවරු ඇතුලූ විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.


20121107-img_0138.jpg

20121107-img_9969.jpg

20121107-img_0006.jpg

20121107-img_0041.jpg

20121107-img_0070.jpg

20121107-img_0102.jpg

20121107-img_9967.jpg


Category: Sinhala
Posted by: admin
බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පුහුණුව ලබන අභ්‍යාසලාභී උපාධිධාරීන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අනුයුක්ත කිරීමේ පත්වීම් ලිපි ප්‍රදානය අද පෙරවරුවේ (නොවැ 03) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි. විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් අභ්‍යාසලාභී උපාධිධාරීහු 112 දෙනෙකු එහිදී අනුයුක්ත කිරිමේ ලිපි ලැබූහ. (පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උපාධිධාරී අභ්‍යාසලාභීන් 47 දෙනෙකු හා හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උපාධිධාරී අභ්‍යාසලාභීන් 65 දෙනෙකු වන සේ) එහිදී අමාත්‍යවරයා අතින් අභ්‍යාසලාභී උපාධිධාරීනියක පත්වීම් ලිපි ලැබූ අයුරු ඡායාරූපයේ දැක්වේ. බදුල්ල දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.පී විජේබණ්ඩාර, හාලිඇල ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.එම්.ආර් රන්ජිත් යන මහත්වරු ද මෙහි වෙති.


20121107-0001.jpg