Archives

You are currently viewing archive for December 2012
Category: Sinhala
Posted by: admin

ඇමති ඩිලාන් රට විරුවෝ ඇගයුම් සමාප්ති උළෙලේදී කියයි.

20121220-img_5211.jpg

විදේශගත ශ්‍රමිකයින් නොයෙකුත් කැපකිරීම් කරමින් පෝෂණය කරන විදේශ විනිමය රට සංවර්ධනය කිරීමේලා ඉහළම දායකත්වය ලබාදෙන බවත් රටට මහා සම්පතක්ව ඇති ඔවුන් හා එම පවුල්වල සමාජිකයින් ඇතුළු රටවිරු ප්‍රජාව නිරන්තරයෙන් සමාජ ඇගයීමට ලක්කිරීම සමාජීය යුතුකමක් බවත් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. විදේශගත ශ්‍රමිකයින් ඇගයීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සංවිධානය කොට තිබූ ”රටවිරුවෝ දසදින ඇගයුම” දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවේ සමාප්ති උළෙල ඊයේ ඊයේ බදුල්ල නගරශාලාවේ පැවති අවස්ථාවේ අමාත්‍යවරයා එසේ පැවසීය. ඊයේ දිනට යෙදුණු ජාත්‍යන්තර සංක‍්‍රමණික දිනය තේමා කොට ගනිමින් පැවති සමාප්ති උළෙල අවස්ථාවට තුන් දහසකට වැඩි රටවිරු සාමාජිකයින් පිරිසක් එක්ව සිටියහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ” කිලිනොච්චියෙන් අරඹා දින දහයක් පුරා සියලූ පළාත් දිස්ත‍්‍රික්ක ආවරණය කරමින් අපි රටවිරුවන් ඇගයීමට ලක්කළා. රණවිරුවන් වසර 30ක ත්‍රස්තවාදී යුද්ධය නිමා කරද්දී ඊට අවශ්‍ය ශක්තිය ගෙන දුන්නේ විදේශගත ශ්‍රමිකයනුයි. අමරිකාව, යුරෝපය ප්‍රමුඛ දැවැන්ත ආර්ථිකයක් හිමි රටවල් 2009 යේදී ආර්ථික අර්බුදයකට යද්දි අර්බුධයකින් තොරව ත්‍රස්තවාදී යුද්ධයක් නිමාකරන්න අපට හැකිවුණා. ඒ රටවිරුවන් මෙරටට එවූ විදේශ විනිමයේ ශක්තියෙන්. මේ වසරේ ඔක්තෝම්බරය වෙන කොට විදේශගත ශ්‍රමිකයින් ඇමරිකානු ඩොලර් බිලියන 5.8ක් මෙරටට එවා තිබෙනවා. මේ රට ගොඩනැගීමේ දැවැන්ත කාර්ය භාරයේ පෙරගමන් කරුවන් වී ඇත්තේ ඔවුන්. තමන්ගේ දරුවන්ගෙන්, සැමියාගෙන්, බිරිඳගෙන් වෙන්වෙලා ඈත රටක දුක් විඳමින්, අනන්ත කැප කිරීම් කරමින් මව්බිමට හෙටක් හදන මේ රටවිරු ප්‍රජාව රැකගනිමින් ඔවුන් නිරන්තර ඇගයීමට ලක්කළ යුතුයි. ශ්‍රී ලාංකිකයින් මිලියන 1.7 කට වැඩි වැඩි පිරිසක් විදේශගතව රැකියා කරනවා. ඒ එක් ශ්‍රමිකයෙකුගේ පවුලක සමාජිකයින් තිදෙනෙක් සිටිනවා යැයි සලකා ගණන් බැලූවොන් මෙරට ජනගහනයෙන් සියයට 25කට වැඩි පිරිස්ක රටවිරු ප්‍රජාවට අයත් වෙනවා. මේ ප්‍රජාව රැකබලා ගැනීමත් ඇගයීමත් වසරක එක් දිනකට සීමා කරන්න බෑ. රට දිනා දුන් රණවිරුවාත් රට ගොඩනඟන රටවිරුවාත් වසරේ 365 දවසෙම ඇගයීමට ලක්කළ යුතුයි. ඒ වෙනුවෙන් රටවිරුවෝ සංවිධානය ප්‍රදේශීය ලේකම් කාර්යාල, දිස්ත‍්‍රික්, පළාත් හා ජාතික තලයේ දැවැන්ත සංවිධානයක්ව ගොඩනැගෙනවා. ලබන වසරේ දිවි නැගුම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රටවිරු නිවාස ව්‍යාපෘතිය අපි ආරම්භ කරනවා. ගෙයක් දොරක් හදාගැනීමේ රට විරුවාගේ බලාපොරොත්තුව ඉටුකිරීමේ අරමුණින් අරඹන මේ ව්‍යාපෘතිය යටතේ ලබන වසරතුළ වසම් 10000ක් ආවරණය වන ලෙස නිවාස ඉදිකරීමට අප කටයුතු කරනවා. රට ගොඩනගන රටවිරුවන් රතු පලස් මතින් ඉතා ගෞරවාන්විතව පිළිගන්නා හෙටක් මෙරට නිර්මාණය කිරීමයි අපේ අරමුණ.” යැයි ද පැවසීය.
රටවිරුවෝ ඇගයුම සමාප්ති උළෙල අවස්ථාවට නිමල් රත්නායක, නිලමේ වික්‍රමරත්න, මානෙල් රත්නායක යන ඌව පළාත් සභා මන්ත්‍රීවරුන් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් නිශ්ශංක එන් විජේරත්න, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර යන මහත්වරු ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.

20121220-img_5165.jpg

20121220-img_5030.jpg



Category: Sinhala
Posted by: admin

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉල්ලීමකට අනුව රැකියා සඳහා විදේශගත වන ශ්‍රමිකයින් වෙනුවෙන් විශේෂ ජාත්‍යන්තර වීසා ඉලෙක්ට්‍රොනික කාඞ්පතක් නිකුත් කිරීමට ලංකා බැංකුව පියවර ගෙන තිබේ. ජාත්‍යන්තර බැංකු හා ජාලගත කර ඇති එම කාඞ්පත මගින් ශ්‍රමිකයින්ට ඔවුන් සේවය කරන රටවල ඒ.ටී.එම් ජාලමගින් ගනුදෙනු කිරීමට හැකියාව ලැබෙන අතර එය ශ්‍රමික අනන්‍යතාව සහතික කිරීම සඳහා ද භාවිත කළ හැකි අයුරින් සකස්කර ඇත.
කෝ-බ්‍රෑන්ඩඩ් නමින් හැඳින්වෙන නව කාඩ්පත් නිකුතුව පසුගිය 26 වැනිදා කාර්යාංශයේදී විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අතින් නිකුත් කෙරුණි. එහිදී අමාත්‍යවරයා අතින් ජපානයේ මැෂින් ඔපරේටර් වරියක වශයෙන් රැකියාව සඳහා පිටත්ව යන දුම්මලසූරිය ප්‍රදේශයේ ආර්. එම්. පී රත්නායක මහත්මිය සිය බැංකු කාඞ්පත ලබාගත් අයුරු ඡායාරූපයේ දැක්වේ. ලංකා බැංකු කාර්යාංශ ශාඛාවේ කළමනාකරු කේ. කේ. ඩයස් මහතාද මෙහි සිටී.

20121107-img_3614.jpg


Category: Sinhala
Posted by: admin
අමාත්‍ය ඩිලාන් පෙරේරා

20121204-03.png

අනවශ්‍ය මාතෘකා ඔස්සේ සංවාද හදාගැනීමට වඩා මහජන නියෝජිතයින් කළ යුත්තේ ජනතා සේවයට කැපවී කටයුතු කිරීම බවත් ප්‍රාදේශීය සභා, පළාත් සභා, පාර්ලිමේන්තුව ආදි සෑම තැනදීම මහජන නියෝජිතයින් ඒ වෙනුවෙන් ක්‍රියා කළ යුතු බවත් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මතුගම ඉදිකළ නව පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා (නොවැ 24) එම අදහස් පළකළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ”අද රටට අවශ්‍ය වෙලා තියෙන්නේ අනවශ්‍ය ආකාරයේ බොරු මාතෘකා උඩ රණ්ඩු කරන එක නෙවෙයි. මේ දවස්වල මාතෘකාවක් යනවා 13 වෙනි සංශෝධනය අහෝසි කරනවද? නැද්ද? ඕනද කියලා නමුත් අද අවශ්‍ය වෙලා තියෙන්නේ ඒම මාතෘකා ගැන සංවාද කරනවාට වඩා ප්‍රාදේශීය සභාවේ, පළාත් සභාවේ, පාර්ලිමේන්තුවේ මේ හැම එකකින්ම ජනතාවට සේවය කිරීමයි. 13 වෙනි සංශෝධනය ගැන කතාකරන සමහරුකියනවා තර්ටීන් ප්ලස් කියලා, තව කොටසක් කියනවා තර්ටීන් මයිනස් කියලා, තවත් පිරිසක් තර්ටීන් ඕන කියනවා. මම කියනවා අපට අවශ්‍ය වෙලා තියෙන්නේ තර්ටීන් මයිනස් වන් ප්ලස් ටූ කියලා. අඩුකළ යුතු දේ අඩු කරගෙන එකතු කළ යුතු දේ එකතු කරගෙන ජනතාවට සේවය කරන්න පුලූවන් ආකාරයේ පළාත් සභාවක් නිර්මාණය කරන එකයි. අද අපි තර්ටීන් ප්ලස් ගැන කතා කරන කොට එක්සත් ජාතික පක්ෂය කතා කරනවා සික්ස් ප්ලස් ගැන. දෙසැම්බර් පළවෙනිදා ඒකාධිපති විදියට වසර 6කට එජාපයේ නායකයා වෙන්න රනිල් වික්‍රමසිංහ මහත්මයා කටයුතු කරනවා කියනවා. අවුරුදු ගාණක් දේශපාලනය කරපු කෙනෙක් විදියට මගේ අදහස එජාපයේ නායකත්වයට සුදුසුම කෙනා රනිල් වික්‍රමසිංහ මහත්මයයි. එතුමට රටේ නායකත්වයට පත්වෙන්න ජනතා කැමැත්ත නැති උනත් එතුමාට අවුරුදු 6ක් නෙවෙයි අවුරුදු 16ක්ම ඒජාපයේ නායකත්වය දරන්න ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා.” යැයි ද පැවසීය.
ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීවරුන්වන චන්ද්‍රභානු අධිකාරම්, කීර්ති කාරියවසම්, විදේශසේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර යන මහත්වරුද එහිදී අදහස් දැක්වීය.


Category: Sinhala
Posted by: admin
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මතුගම ඉදිකළ නව විගමනික සම්පත් මධ්‍යස්ථානය පසුගියදා විදේශ රැකියා ප්‍රර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා හා ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 24 දා විවෘත කෙරිණි. දෙමහල් ගොඩනැගිලි දෙකකින් සමන්විත එම ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 280 වැය වී තිබේ. වෘත්තීය නිපුණතාවයෙන් යුතුව විදේශ රැකියාවලට පිටත්වයන්නන් පුහුණු කිරීමේ කටයුතු වෙනුවෙන් විශේෂ වන ආකාරයෙන් එහි ඉදිකිරීම් සිදුකොට තිබේ. අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් එහි සමරු ඵලකය නිරාවරණය වූ අයුරු ඡායාරූපයේ දැක්වේ. කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර, කාර්යාංශයේ සාමාන්‍යාකාරී හරිස්චන්ද්‍ර බටගොඩ යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

20121204-img_9367.jpg

20121204-migrant_resources_centre_mathugama_.jpg