Category: General
Posted by: admin
නව විදේශ රැකියා වෙළදපොල හා නව වෘත්තීන් වලට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමු කිරීමේ වැඩසටහනෙහි තවත් ඉදිරි පියවරක් තබමින්ල විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන අමාත්‍ය ගරු ඩිලාන් පෙරේරා මහතා දැනට මැලේසියාවේ රැකියා ප්‍රවර්ධන සංචාරයක නිරත වී සිටී.

ඇමතිවරයා ඇතුළු නියෝජිත පිරිස ඊයේ මැලේසියාවේ මානව සම්පත් අමාත්‍යාංශයේ ගරු ඇමතිණි දාටෝ මැස්නා බින්ටී මස්ලාන් මහත්මිය ඇතුළු නිළධාරින් මුණගැසී ශ්‍රි ලංකීක ශ්‍රමීකයින්ට, නිර්දේශිත අවම වැටුපක් ලබා ගැනීම හා වඩා හොඳ තත්වයේ නවාතැන් පහසුකම් ලබා ගැනීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා පැවැත්වුහ.

දැනට ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන 26 ක් පමණ මැලේසියාවේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් යවන අතර, ඔවුන් අතරින් සමහරක් මැලේසියාවේදී විවිධ අපහසුතාවයන්ට පත්වන්නේ මැලේසියාවේ ඇති අවුට් සෝස් ආයතන (Out-Source Agencies), ලංකාවේ රැකියා නියෝජිත ආයතන මගින් පොරොන්දු වු වැටුප් සහ අනෙකුත් පහසුකම් සේවකයන්ට ලබා නොදීම නිසයි. මෙවැනි අවස්ථාව වලදී අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මැදිහත් වී අදාල විදේශ රැකියා නියෝජිත ආයතන ගැන නිසි පියවර ගත හැකි වුවත් සංචාරක වීසා රැගෙන රැකියා සදහා ගොස් අතරමං වන ශ්‍රී ලාංකිකයන්ට සහන ලබා දීමේ හැකියාවක් අමාත්‍යාංශයට නොමැත. මෙසේ සංචාරක වීසා වලින් විදෙස් ගතවී ලිංගික සහ අනෙකුත් සුරා කෑම් වලට මැදි වු සහ නොයෙකුත් තැරැව්කරුවන්ගේ ගොදුරු බවට පත් වු විශාල පිරිසක් මැලේසියාවේ දැනට සිටියි. එනිසා ලියාපදිංචි රැකියා නියෝජිත ආයතනයක් මඟින්, රැකියා ගිවිසුමක් අත්සන් කිරීමෙන් තොරව මැලේසියාවේ රැකියා සදහා නොයන ලෙස අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී. මෙසේ ගිවිසුම් අත්සන් කිරිම විදේශ නියුක්ති කාර්යාංශයේ නිලධාරින් ඉදිරියේ සිදුවිය යුතු අතර ඉන්පිටතදී අඩුවැටුප් හා නුසුදුසු කොන්දේසි සහිත ව්‍යාඡ ගිවිසුම් වලට අත්සන් නොකරන ලෙසට අමාත්‍යාංශය විදේශ ගතවන සේවකයන් ගෙන් ඉල්ලා සිටි.

20110818-ksm_4522.jpg

Minister of Foreign Employment Promotion and Welfare Hon Dilan Perera is currently in Malaysia on an Employment Promotion tour. The Minister is accompanied by the officers of the Ministry, Sri Lanka Bureau of Foreign Employment and Sri Lanka Foreign Employment Agency.

On Tuesday Hon Minister and the delegation met with the Hon Y. B. Dato’ Maznah Binti Mazlan, Minister of the Human Resources Ministry of Malaysia to discuss various matters related to Sri Lankan migrant workers in Malaysia. As part of his vision for the Foreign Employment sector, Hon Minister had started several new programmes to promote Sri Lankan skilled and semi-skilled workers in the International arena and this visit is part of the ‘job specific, company specific and country specific skill development programme’. The delegation is expected to meet with several state officials, employment agents, recruitment agents, out-source companies as well as current and prospective employers to enter into partnership agreements with the intension of providing safe employment for Sri Lankans. As a result of the current engagement at the Ministerial level, Malaysian government had agreed to introduce a minimum wages for Sri Lankan workers from year 2012 and to explore the possibility of eliminating the Out-Source Companies from the system by signing a government to government agreement.

Currently there are about 26 registered agents who are sending Sri Lankans to Malaysia for work and some of them face difficulties as out-source companies in Malaysia do not provide salaries and facilities agreed by the local agents once the employees are in Malaysia. While the Ministry and the Bureau is taking action against local recruitment agents who are involved in such situations, the Ministry is urging Sri Lankans not to go to Malaysia for work on visit visas as such Sri Lankans become victims of various under world gangs and racketeers. Also migrant workers who are leaving the country must meet the officials of the Sri Lanka Bureau of Foreign Employment with their recruitment agents prior to leaving Sri Lanka to discuss their employment contract and sign their contracts at the Bureau. Under any circumstances, workers should not sign any employment contracts or agreements without the presence of the Bureau officials as agents tend cheat workers by signing 2nd and 3rd agreements introducing lower salaries and conditions that are different what is approved by the Sri Lankan government.



Category: General
Posted by: admin
- විදේශ සේවා නියුක්ති කාර්යාංශය

මහින්ද අලුත්ගෙදර


ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පැවැතියද බහරේන් වල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට කිසිදු හානියක් නැතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මෙවැනි හේතූ�න් නිසා යම් හෙයකින් ශ්‍රී ලාංකිකයන්ට ගැටලුසහගත තත්ත්වයක් ඇති වන්නේ නම් කඩිනමින් ඒ සඳහා මැදිහත් වීමට සූදානම් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රකාශකයෙක් �දිනමිණ� ට පැවැසීය.

ආණ්ඩුව විරෝධී කණ්ඩායම් වල උද්ඝෝෂණයන් ඉහළ යාම නිසා බහරේනය තුළ අස්ථාවර තත්ත්වයක් උද්ගත වී තිබෙන අතර ඒ නිසාම ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පූර්ණ අවධානය යොමුව තිබේ. මේ අතර එම ප්‍රකාශකයා සඳහන් කළේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතාගේ උපදෙස් පරිදි මේ කටයුතු සිදු කෙරෙන බවයි.

මීට පෙර ඊජිප්තුවේ පැවැති දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යැවීම තාවකාලිකව අත්හිටුවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගන්නා ලද අතර එවැනි අර්බූදකාරී තත්ත්වයන් පහව යාමත් සමඟ යළිත් ශ්‍රමිකයන් යැවීමට පියවර ගත්තේය.
Category: General
Posted by: admin
අම්මත් නැතිව වැඩකරලා ඇතිවෙලා අපි දෙන්නා අද එකටම මැරෙමු
සමන්ති වීරසේකර

�අම්මත් නැතුව හැමදාම වැඩකරලා ඇති වෙලා, අක්කේ අපි දෙන්නා අදම එකටම මැරෙමු� කී පහළොස් හැවිරිදි නංගි පිළිකන්නේ බාල්කයේ දැමූ එකම ලණුවේ දෙපැත්තේ අක්කා සමඟ ගෙල වැලලාගත් සිද්ධියක් දන්තුරේ උඩවෙල ප්‍රදේශයෙන් වාර්තාවේ.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ නැගණිය වන අගලගාපුවත්තේ ගෙදර දිල්හානී මධුෂිකා ජයසුන්දර (15) වන අතර 17 හැවිරිදි අක්කා බරපතල තුවාල සහිතව පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

මෙම දරුවන්ගේ මව වසර 5 කට සිට විදේශගතව ඇත. පෙදරේරුවකු වන පියා සහ අට හැවිරිදි බාල සහෝදරයා සමඟ සිද්ධියට අදාළ දරුවන් උඩවෙල නිවසේ පදිංචිව සිට ඇත. සිද්ධිය වූ දිනයේ උදේ කාලයේ සහෝදරියන් දෙදෙනා දළු කැඩීමට ගොස් ඇත. වැඩ අවසන් වී ආපසු එනවිට රාත්‍රි ආහාර පිසීමට වෙළෙඳපොළෙන් බඩු ද රැගෙන නිවසට එන අතරතුර �මැරෙමු� කියා දෙදෙනා කතාබස් කරමින් පැමිණ ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. කඩුගන්නාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතාගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ උප පොලිස් පරීක්ෂක බාලසූරිය, පොලිස් සැරයන් 64213 සමරකෝන් යන මහත්වරු සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.

නැවත මව පැමිණෙනතුරු වැඩිමහල් දියණිය මවගේ දෙමව්පියන් භාරයේ තැබීමටත්, ඇය පිළිබඳ වාර්තාවක් අධිකරණය හමුවට යොමු කිරීමටත් පොලිසිය කටයුතු කරයි.

Source: http://www.dinamina.lk/2011/02/15/_art.asp?fn=n11021511