Archives

You are currently viewing archive for November 2011
Category: Sinhala
Posted by: admin
-එක් අයෙකුට ලක්ෂ 3 කට ආසන්න මුදලක්

කොරියාවේ ජාතික විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක් වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා හිමි විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම 2011 නොවැම්බර් මස 22 දින විදේශ රැකියා ප්‍රවර්ධණ හා සුබසාධන අමාත්‍යාංශයේදී සිදු කෙරින. මේ මගින් කොරියාවේ රැකියාවල නිරතව සිටින 20000 කට පමණ ඉදිරියේදී ප්‍රතිලාභ හිමි වේ. කොරියානු ජනරජයේ ජාතික විශ්‍රාම වැටුප් සේවාව හා ශ්‍රී ලංකා රජයේ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශය අතර අද දින අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරින. ගිවිසුම අත්සන් කිරීම කොරියානු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බී. සියොං හුන් (Bae Seong Hoon) විදේශ රැකියා ප්‍රවර්ධන හ සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් නිශ්ශංක එන්. විජේරත්න යන මහත්වරුන් විසින් සිදු කරන්නට විය. මෙම අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ගරු ඩිලාන් පෙරේරා මහතා විශේෂයෙන් සහභාගි විය. මෙහි අරමුණ වන්නේ කොරියාවේ රැකියා කල ශ්‍රී ලාංකිකයන් හට හිමි මෙතෙක් ඉල්ලූම් නොකළ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ හිමි අය සඳහා එම ප්‍රතිලාභ කඩිනමින් හිමිකර දීම වේ.

කොරියාවේ ජාතික විශ්‍රාම වැටුප් සේවාවේ තොරතුරු වලට අනුව එරට රැකියා කළ ශ්‍රී ලාංකිකයින් 14000 ට අධික පිරිසකට මෙම විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ සඳහා හිමිකම් තිබේ. එහි සමස්ථ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 36 ක් පමණ වේ. එය ශ්‍රී ලංකා රුපියල් මිලියන 4000 කට අධික මුදලක් වේ. මෙම මුදලින් එක් අයෙකුට රුපියල් 2,50000 ත් රු. 3,00,000 ත් අතර මුදලක් හිමිවීමට නියමිත බව වාර්තා වේ. මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව එම ප්‍රතිලාභ සඳහා හිමිකම් ඇති අයගේ තොරතුරු විදේශ රැකියා ප්‍රවර්ධණ හා සුබසාධන අමාත්‍යාංශය වෙත කොටස් වශයෙන් මාස 6ක ට වරක් කොරියානු පාර්ශවය විසින් ලබාදීමට නියමිතය. එම තොරතුරුවලට අදාල ශ්‍රී ලාංකිකයින් මගින් අයදුම්පත් කැඳවා එම අයදුම්පත් අමාත්‍යාංශය මගින් සහතික කර කොරියාවේ ජාතික විශ්‍රාම වැටුප් ආයතනයට ඉදිරිපත් කරනු ලැබේ. එම ආයතනය මගින් එම තොරතුරු වල ඇති නිරවද්‍යතාවය තහවුරු කර ගැනීමෙන් පසුව එම ප්‍රතිලාභ හිමිකරුවන් වෙත ප්‍රදානය කරනු ලබයි. ඉන් පසු අමාත්‍යාංශය මගින් අදාල ප්‍රතිලාභ හිමි අය සඳහා එම ප්‍රතිලාභ ලබාදීම සිදු කරයි.

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ගරු ඩිලාන් පෙරේරා මැතිතුමා පසුගියදා දකුණූ කොරියාවේ කල සංචාරයේදී එරට බලධාරීන් සමඟ කළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට මූලික කටයුතු කඩිනමින් සූදානම් කෙරින. එහිදී විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ හිමි පිරිස් වලට අදාල ප්‍රතිලාභ ගෙවීමට ඇමතිතුමාගේ ඉල්ලීම පරිදි ක්‍රමයක් සැකසීමට එරට බලධාරීන් එකඟවී ඇත.

ඉහත ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ ගරු ඩිලාන් පෙරේරා අමාත්‍යතුමන් ප්‍රකාශ කර සිටියේ "කොරියානු විශ්‍රාම වැටුප් ක්‍රමවේදය පිළිබඳ නිවැරදි අවබෝධයක් නොමැති නිසා ඇතැම් අය මේ සඳහා නිවැරදි ක්‍රමයට අයදුම්කර නොමැතිවීමෙන් ගැටළු ඇතිවී ඇති බවයි. එයින් විශාල පිරිසකට විශ්‍රාම වැටුප් හිමි නොවන නිසා මෙම අවබෝධතා ගිවිසුමෙන් ඔවුන් වෙත ඉදිරියේදී විශ්‍රාම වැටුප් හිමිවන බවයි. අලූතෙන් කොරියාවේ රැකියාවලට යන අයත් නිවැරදි ක්‍රමය ලෙස රැකියාව අවසන් කර වසර 5 ක් ඇතුලත මේ සඳහා ඉල්ලූම් කළ යුතුයි. නිත්‍යානුකූලව ඉල්ලීම් නොකිරීමෙන් වැටුප් අහිමි වූ පිරිසට මෙම ගිවිසුමෙන් කඩිනමින් සහන ලබා දෙනවා. නිත්‍යානුකූලව අයදුම් නොකර සිටි අයට වසර 60 ඉක්මගිය පසු මාසික විශ්‍රාම වැටුප් ක්‍රමයකටයි එය ගෙවන්නේ. ඉදිරියේදී නිවැරදි ක්‍රමය දැනුවත් කර ලාංකික ශ්‍රමිකයන්ට මෙය හිමිකර දීමට කටයුතු කරනවා. මෙය අප රටට එකවර එන විශාල මුදලක් කොරියානු රැකියා ප්‍රමාණය වැඩිවෙමින් පවතින තත්ත්වය තුළ මෙම විශ්‍රාම ක්‍රමය අප ශ්‍රමිකයන්ට මහත් වාසිදායක ආශ්වාදයක් ගෙන දෙනවා. මා පසුගියදා කළ සංචාරයේදී කරනු ලැබූ ඉල්ලීමට කෙටිකලක් තුල මෙසේ ප්‍රතිචාර දැක්වීම ඉතා සතුටට කරුණක්." යනුවෙන් ප්‍රකාශ කරන්නට විය.

ඉහත ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට කොරියානු විශ්‍රාම වැටුප් ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කිම් සොන් ඉල් (Kim Young Eil) කළමණාකරුවන් වන යුන් ජින් සුක් (Yun Jin Suk) ක්වාක් අන් කියූ (Kawak An Kyu) යන මහත්ම මහත්මීන් සමඟ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශයේ හා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහභාගි විය.

20111124-img_0575.jpg

20111124-img_0592.jpg




Category: Sinhala
Posted by: admin
පසුගියදා සයිප්‍රසයේ සංචාරයක නිරතවූ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා එරට සිටින විදේශ රැකියා නියෝජිතායතන ප්‍රධානීන් හමුවී සාකච්ඡා කළහ. එහිදී මෙරට ශ්‍රමිකයන් වැඩි වැඩියෙන් සයිප්‍රසයේ රැකියා සඳහා ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කළහ. එම සාකච්ඡාව සයිප්‍රසයේ ලීමොසෝල් නගරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්කර සිටින කොන්සල් ජනරල් පියරිස් ඉයෝෆිලැක්ටෝ (Pieris Thefylaktous) විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ස්වර්ණපාල, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී එච්. බටගොඩ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත සේනානායක, ප්‍රියන්ත වීරසේකර යන මහත්වරුද සහභාගී වූහ.

20111121-img_0357.jpg



Category: Sinhala
Posted by: admin
විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පසුගියදා සයිප්‍රස්හි ”රැකියා ප්‍රවර්ධන Road Show” වැඩසටහනකට සම්බන්ධවිය. මෙම ප්‍රවර්ධන වැඩසටහනට අමතරව දැනට සයිප්‍රස්හි සිටින ශ්‍රී ලාංකික සේවකයන්ගේ රැකියා සුරක්‍ෂිතභාවය වැඩි කිරීම හා රැකියා කොන්දේසි වඩා සුබදායි තත්ත්වයකට පත්කර ගැනීමට එරට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කෙරිණ. එසේම සයිප්‍රස් රජයේ සමඟ මෙන්ම සයිප්‍රස් රටෙහි රැකියා නියෝජිතායතන සමඟ සම්බන්ධතා වර්ධනය කර ගැනීම මඟින් ශ්‍රී ලාංකික සේවකයින්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් මෙන්ම, වඩා හොඳ තත්ත්වයේ රැකියා ලබාගැනීමද මෙම සංචාරයේ අරමුණක් විය. මෙහිදී ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමය හා වෘත්තීය පුහුණුව ලද ශ්‍රමිකයන් පිළිබඳව එරට බලධාරීන්ට අවබෝධයක් ලබාදීමටද මෙහිදී කටයුතු කෙරිණි.

මෙම සංචාරයට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නියෝජනය කරමින්, සාමාන්‍යාධිකාරී හරිස්චන්ද්‍ර බටගොඩ මහතා ඇතුලූ නිළධාරීන් පිරිසක්ද විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍යාංශයේ සහකාර ලේකම් ඩබ්ලිව්. ස්වර්ණපාල මහතාද, ශ්‍රී ලාංකික විදේශ රැකියා ක්ෂේත්‍රයේ නිරත වී සිටින තෝරාගත් රැකියා නියෝජිතයන් පහලොස් දෙනෙක්ද අමාත්‍යතුමා සමඟ සම්බන්ධ වී සිටියහ.

ඩිලාන් පෙරේරා ඇමතිතුමා ප්‍රමුඛව නිළධාරීන් සයිප්‍රස්හි කම්කරු හා සමාජ සුබ සාධන ඇමතිනී සොටිරුල්ලා හෙරලාබ්‍රස් මහත්මිය (Stotirulla Charalambous) ඇතුලූ නිළධාරීන් මුණගැසී දෙරට අතර රැකියා සංවර්ධනයට අදාල අවබෝධතා ගිවිසුමක අවශ්‍යතාවය සාකච්ඡා කරන්නට විය.

20111121-img_0307.jpg



Category: Sinhala
Posted by: admin
-විදේශ රැකියා කාර්යාංශය අපේක්ෂකයින්ට දැනුම්දෙයි.

පසුගියදා පැවැති කොරියානූ භාෂා විභාගයෙන් ලකුණු 116ත් 120ත් අතර ලකුණු ලැබූ ධීවර රැකියාමය පළපුරුද්ද ඇති අය දකුණු කොරියාවේ ධීවර ක්ෂේත්‍රයේ සඳහා ඉල්ලූම් කිරීමේදී ප්‍රදේයේ ධීවර පරීක්‍ෂකගෙන් ලබාගත් සහතිකය අත්‍යවශ්‍ය නොවන බව කාර්යාංශය දැනුම් දෙයි. මීට පෙර අදාළ පළපුරුද්ද ලැබූවන් ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා ඉල්ලූම් කිරීමේදී ධීවර පරීක්‍ෂකගෙන් ලබාගත් සහතිකය අනිවාර්යය බව කාර්යාංශය අදාළ අපේක්‍ෂකයින් වෙත දැනුම් දී තිබිණි. එම සහතික ලබාගැනීමේදී ප්‍රායෝගික අපහසුතා ඇතිවීම හේතුවෙන් ධීවර පරීක්‍ෂක සහතික අනිවාර්ය නොකිරීමට තිරණය කළ බව කාර්යාංශයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා සදහන් කරයි. කෙසේ වෙතත් දකුණු කොරියාවේ ධීවර ක්ෂේත්‍රයේ රැකියා ඉල්ලූම් කිරීමට රැකියා අපේක්‍ෂකයින් භාෂා පරීක්‍ෂණයෙන් ලකුණු 116 ත් 120ත් අතර ලබා තිබීමට අමතරව ධීවර ක්ෂේත්‍රයේ පළපුරුද්ද තිබීම අනිවාර්ය වේ. ඒ අනුව ලබන නොවැ. 08 වැනිදා දක්වා ලියාපදිංචි කර ගන්නා අපේක්ෂකයින් පළපුරුද්ද පිළිබඳ පරීක්‍ෂණයකට භාජනය කෙරෙන අතර ඉන් සමත්වන අය පමණක් රැකියා සඳහා තෝරා ගැනීමට මූලික සුදුසුකම් ලබන බව ද කාර්යාංශය දැනුම් දෙයි.


Category: Sinhala
Posted by: admin
විදේශ රැකියා ක්‍ෂේත්‍රයට දැනුවත් මාධ්‍ය ප්‍රවේශයක් මැයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රචාරක අංශය පියවර ගෙන තිබේ. රට රැකියා ක්ෂේත්‍රයේ නව මානයන් හා වර්ධනය වෙමින් පවතින තත්වයන් පිළිබඳව මාධ්‍යවේදීන්ගේ අවධානය යොමු කරවීම හා ක්ෂේත්‍රයේ නව ප්‍රවනතා හා මාධ්‍යකරුවා සතු වගකීම පැහැදිලිකිරීම මෙම වැඩමුළු මාලාවේ අරමුණ වේ. මෙහිදී ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය, රට රැකියා වංචාවලින් ජනතාව මුදවාගැනීම, විගමනිකයින් හා ඔවුන්ගේ පවුල්වල සුබසාධනය ඉහළ නැංවීම ආදී කරුණු පිළිබඳ මාධ්‍යවේන්ගේ අවධානය යොමු කරවීමට අපේක්ෂා කෙරේ.

දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කෙරෙන එම වැඩමුළු මාලාවේ පලමු වැන්න පසුගිය 28 දා අනුරාධපුර CTC ශාලාවේදී පැවැත්විණි. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති එම වැඩමුළුවේ අරාධිත දේශනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා විසින් පවත්වනු ලැබූ අතර මූලික දේශනය කාර්යාංශයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා විසින් පවත්වනු ලැබීය.


20111104-img_5260.jpg

20111104-img_5325.jpg


Category: Sinhala
Posted by: admin
ඔක්තෝම්බර් මස 30 වන දින දියගමදී පැවති 23වන ජාතික යොවුන් ක්‍රීඩා උළෙලෙහි සමාප්ති උත්සවය සඳහා වැඩබලන ක්‍රීඩා ඇමති ගරු ඩිලාන් පෙරේරා මහතා සහභාගී විය.


20111102-7.jpg

20111102-8.jpg

20111102-13.jpg

20111102-14.jpg