20120828-seachells.jpg


ෂිෂෙල් රාජ්‍යයේ රැකියා අවස්ථා වර්ධනය කිරීම සඳහා වු අවබෝධතා ගිවිසුමකට ඊයේ ,ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ෂීෂෙල් රාජයේ ජනාධිපති ජේමිස් ඇලිකස් මිචෙල් මහතා ඉදිරියේදි ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා සහ, ෂීෂෙල් රාජ්‍ය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය ජින් පෝල් ඇඩම් යන මහත්වරු අත්සන් තැබු අයුරු ජායාරූපයේ දැක්වේ. මෙයට අමතරව අමාත්‍යවරුන් දෙරටේ කම්කරු සබඳතා සඳහා ගිවිසුමට ද අත්සන් තැබුහ.
2011 වර්ෂයේදි ෂීෂෙල් රාජ්‍යයේ රැකියා සඳහා මෙරටින් ශ්‍රමිකයින් 179 දෙනෙකු පිටවගොස් ඇති අතර, මේ වර්ෂයේ ජනවාරි සිට ජුලි දක්වා 105 දෙනෙකු පිටව ගොස් තිබේ.
(ඡායාරූප අනුග්‍රහය-සුදත් සිල්වා ජනාධිපති මාධ්‍ය අංශය)