20110919-minister.jpg
2011 වසරේ සැප්තැම්බර් මස 21 සිට 23 දින දක්වා චීන තායිපේහිදී පැවැත්වීමට නියමිත 16 වන ආසියානු මහාද්වීපික වොලිබෝල් සම්මේලනයේ වාර්ෂික සමුළුවට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍ය නීතීඥ ඩිලාන් පෙරේරා මහතා අද රාත්‍රී (17) දිවයිනෙන් පිටත්ව යයි.

ඔහු මෙවර ආසියානු මහාද්වීපික වොලිබෝල් සම්මේලනයේ පරිපාලන කම්ටුවේ නිළධාරීයෙකු ලෙස තේරී පත්වීම සඳහා තරග වැදීමට නාම යෝජනා භාරදී ඇත. තවද පසුගිය ජනවාරි මාසයේදී ඉන්දියාවේ චෙන්නායිහිදී පැවැති මධ්‍යම ආසියානු කලාපීය වොලිබෝල් සංගම් කාර්යාලයේ සභාපතිධුරයටද පත්කරනු ලැබීය.

ඩිලාන් පෙරේරා මහතා 2005 වසරේ සිට ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපතිධුරය හොබවන අතර ඔලිම්පික් කමිටුවේ උප සභාපති ලෙසද කටයුතු කරයි. තවද ඒ මහතා ලබන ඔක්තොම්බර් මස 8 සිට 15 වන දින දක්වා හම්බන්තොටදී පැවැත්වීමට නියමිත ප්‍රථම දකුණු ආසියානූ වෙරළ ක්‍රීඩා උළෙලේ සංවිධායක කමිටුවේ සභාපතිධුරයද දරයි.

13 වන ආසියානූ මහාද්වීපික වොලිබෝල් සම්මේලනයේ වාර්ෂික සමුළුව සඳහා අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සමඟ ශ්‍රී ලංකා වොලිබොල් සංගමයේ ප්‍රධාන ලේකම් සුසිල් රණසිංහ, එහි භාණ්ඩාගාරික රොහාන් සෝමවංශ යන මහත්වරුද සහභාගී වෙති.