විදේශ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින්ට නොමිලයේ තොරතුරු තාක්‍ෂණය ආශ්‍රීත දැනුම ලබාදීමේ ව්‍යපෘතියක් සදහා මයික්‍රොසොෆ්ට් ආයතනය හා ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය විරෝධී සංගමය සමඟ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඊයේ (සැප් 28) කොළඹදී ගිවිසුමකට එළඹුණි. විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා හා මයික්‍රොසොෆ්ට් සමාගමේ ආසියා ශාන්තිකර කලාපීය සභාපති ට්‍රේසි ෆෙලෝ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගිවිසුම් අත්සන් කිරිම සිදුවිය.

විදේශගතවන පුද්ගයින්ට අමතරව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සතු පරිගණක දැනුම නංවාලීම ද මෙම ව්‍යාපෘතිය මගින් සිදුකිරිමට අපේක්ෂා කෙරේ. දෛනික සේවා කටයුතු පහසු කිරිම, තොරතුරු තාක්ෂණය හරහා ශ්‍රමිකයින් හා ඔවුන්ගෙ පවුල් අතර මනා සබඳතාවක් පවත්වාගැනිමට හුරු කිරීම, ශ්‍රමිකයින්ගේ දරුවන් වෙනුවෙන් වූ නිසි මාර්ගෝපදේශනය ලබාදිම ව්‍යාපෘතියේ අපේක්ෂිත ප්‍රතිඵල අතර වේ.

2007-2008 වසරේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ ප්‍රථම හා දෙවන අදියර මගින් මධ්‍යස්ථාන 10කදී විදෙස්ගත වු ශ්‍රමිකයින් 15000 කට පමණ පරිගණක දැනුම ලබා දි ඇති අතර ව්‍යාපෘතියේ තෙවන අදියරේ දී උතුරු, නැගෙනහිර පළාත් ඇතුළුව දිවයිනේ සියලූම පළාත් ආවරණය වන පරිදි මධ්‍යස්ථාන පිහිටුවීමට අපේක්ෂා කෙරේ. සිංහළ හා දමිළ භාෂා මාධ්‍යයන් ගෙන් මෙම මධ්‍යස්ථානවල ඉගැන්විම් සිදුකෙරේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති නීතීඥ කිංස්ලි රණවක, මයික්‍රොසොෆ්ට් ආයතනයේ ශ්‍රී ලංකා ප්‍රධානි සිරියන්ද සිල්වා විජේරත්න, ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය විරෝධී සංගමයේ සභාපති අසිත ගුණසේකර යන මහත්වරු එම ගිවිසුම් හුවමාරු කරගත් අවස්ථාව හා ත්‍රෛපාර්ෂවීය සුහදතාවය බෙදාගත් අයුරු ඡායාරූපයන් ගෙන් දිස්වේ.



20110929-img_1207.jpg

20110929-img_1241.jpg