විදේශගත ශ්‍රමිකයින් වෙනුවෙන්ම සකස්කරණ ලද විශේෂ ඉලෙක්ට්‍රොනික බැංකු කාඞ්පතක් විදේශගතවන ශ්‍රමිකයින් වෙත ඊයේ සිට නිකුත් කිරීමට රාජ්‍ය බැංකු පියවර ගෙන තිබේ. ගණුදෙනු කළ හැකි හා ගිණුම් තොරතුරුවලට අමතරව ශ්‍රමිකයාගේ ගමන් බලපත්‍ර දත්ත හා පිටරට රැකියා කරන ශ්‍රමිකයින්ට වැදගත්වන වෙනත් දත්ත එම කාඞ්පතට ඇතුළත් කොට තිබේ.

දෙසැ 18 දිනට යෙදුණු ජාත්‍යන්තර සංක්‍රමණික දිනය වෙනුවෙන් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දිපව්‍යාප්තව සංවිධානය කළ සැමරුම් වැඩසටහනේ ගාලූ මුවදොර පැවති විනිමය දිනූ රටවිරු උපහාර ‘දිරි සැරිය’ සමාරම්භක උළෙලේදී එම බැංකු කාඞ්පත් ප්‍රධාන රාජ්‍ය බැංකු ත්‍රිත්වයේ සභාපතිවරුන් විසින් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත සංකේතාත්මකව පිළිගන්වනු ලැබූහ. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා විශේෂ ඉලෙක්ට්‍රොනික බැංකු කාඞ්පතක් ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වූ අයුරු හා ජනාධිපතිතුමන් විගමනික ශ්‍රමිකයෙකු වෙත ඉලෙක්ට්‍රොනික බැංකු කාඞ්පතක් ලබාදුන් අයුරු ඡායාරූපවල දැක්වේ. විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා කාර්යාංශයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක යන මහත්වරු ද මෙහි වෙති.

20111221-img_5117.jpg

20111221-img_5121.jpg