බදුල්ල පාපන්දු ලීගය සංවිධානය කරන ඩිලාන් පෙරේරා අභියෝගතා කුසලාන පාපන්දු සැණකෙළිය අද (26) පෙරවරුවේ බදුල්ල පාපන්දු ලීගයේ සභාපති ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ සහභාගීත්වයෙන් බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයේදී අරම්භ විය. ඌව පළාත් පාපන්දු කණ්ඩායම් 18ක්, පාසල් ක්‍රීඩා කණ්ඩායම් සහ කාන්තා, පිරිමි ජාතික කණ්ඩායම් රැසකගේ සහභාගීත්වයෙන් ලබන 30 වෙනිදා දක්වා දින 05ක් පුරා බදුලු පාපන්දු උළෙල පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ. ඩිලාන් පෙරේරා සහයෝගීතා පදනම මීට අනුග්‍රාහකත්වය දක්වයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රීඩා කණ්ඩායම් අතර තරග අද ආරම්භ විය. පාපන්දු ලීගයේ සත්සාමාජික තරගාවලිය, 15න් පහළ හා 19න් පහළ පිලකට පස්දෙනා බැගින්වූ ෆුට්සාල් පාපන්දු තරගාවලිය, දීපව්‍යාප්ත කාන්තා සත් සාමාජික තරගාවලිය හා ප්‍රවීනයන්ගේ සත්සාමාජික තරගාවලිය ඉදිරි දිනවල දී පැවත්වීමට නියමිත ව තිබේ.
ක්‍රීඩා සැණකෙළියේ සමාරම්භය සනිටුහන් කරමින් බදුල්ල නගර මධ්‍යයේ සිට පාපන්දු ක්‍රීඩාංගණය වෙත ක්‍රීඩා කණ්ඩායම් පා ගමනින් ගමන් කළ අතර තුර්යවාදන පෙරටු කොටගනිමින් අමාත්‍යවරයා එහි කැඳවා ගෙන යන අයුරු හා පාසල් පාපන්දු ක්‍රීඩා කණ්ඩායම් පෙළ ගැසී සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ. එම අවස්ථාවට සහභාගී වූ බදුල්ල මහනගරසභාවේ නාගරික මන්ත්‍රීවරුන් හා ක්‍රීඩා සමාජ නියෝජිත පිරිසක් ද පළමු ඡායාරූපයේ වෙති.

20120427-img_0086.jpg

20120427-img_0108.jpg