20110325-picture_794.jpg

20110325-copy_of_img_9790.jpg

විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් නැවත සිය රට පැමිණ තමුන් ඉපයූ මුදල් ඵලදායක කර්මාන්තයක හෝ ව්‍යාපාරයක යෙදවූ මොණරාගල දිස්ත්‍රික්කයේ විගමනික සේවකයන් ඇගයීමක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මෙහෙයවීමෙන් පසුගියදා සිදුකෙරිණි. දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව සිදුකෙරුණ මෙම ඇගයීමෙන් විදේශ රැකියාවල නියුතුව සිට ආපසු පැමිණි ශ්‍රමිකයන් සිදුකළ නිවාස ඉදිකිරීම් , ප්‍රවාහන සේවා පවත්වාගෙනයාම් වෙළඳ හෝ කර්මාන්ත පවත්වාගෙනයාම් සාර්ථකව සිදුකළ අයුරු වාර්ථාවිය. මොවුන් අතර කළ අධ්‍යයනයකින් අනතුරුව තෝරාගත් ශ්‍රමිකයන්ට සිය කාර්යය දිරිගැන්වීමට හා ඇගයීමට ලක්කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ සිහිවටන තිළිණයක් ප්‍රදානය කළ අතර එම තිළිණය දැයට කිරුළ සමාප්ති දින ප්‍රධාන වේදීකාවේ විදේශ රැකියා ප්‍රවර්ධනය හා සුබ සාධන අමාත්‍ය ගරු ඩිලාන් පෙරේරා ඇමතිතුමන් විසින් පිරිනමන ලදී. විදේශ රැකියාවෙන් උපයාගත් මුදලින් කුඹුරු සහ අත්ට්‍රැක්ටරයක් මිලදීගෙන ඵලදායී ලෙස ආයෝජනයක යෙදවූ එච්. එච්. ඒ. චන්ද්‍රලතා මහත්මියට අමාත්‍යවරයා තිළිණ ප්‍රදානය කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.