විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය නීතිඥ ඩිලාන් පෙරේරා මහතා සමඟ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යංශයේ සහ ඊට අනුබද්ධ ආයතන වල නියෝජිතයින් පිරිසක් පසුගියදා ඕමානයේ රැකියා ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගී වුහ.

මේ සඳහා ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා සමඟ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශය,
ශ්‍රී ලංකා විදේශ සේවා නියුත්ති කාර්යාංශය, විදේශ රැකියා ඒජන්සි පෞද්ගලික සමාගම, යන ආයතනවල ප්‍රධානීන් සහ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනවල නියෝජිතයින් පිරිසක් සහභාගී විය.

මෙම රැකියා ප්‍රවර්ධන වැඩසටහන අතරතුර ඕමානයේ ශ්‍රී ලාංකික සංගමයේ නියෝජිතයින් එහි ව්‍යාපාර පවත්වාගෙන යන හා එහි පදිංචි වෘත්තීයවේදී ශ්‍රී ලාංකිකයන් සහ මෙම නියෝජිත පිරිස් අතර විශේෂ හමුවක් මස්කට් නගරයේ මස්කට් හොලිඬේ හෝටලයේ දී පැවැත්විණ.

අමාත්‍යවරයා සමඟ මෙම සමුළුවට සහභාගී වූ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යංශයේ ලේකම් කර්නල් නිශ්ශංක විජේරත්න මහතාත් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති අශෝක ගිරිහාගම, විදේශ රැකියා ඒජන්සි පෞද්ගලික සමාගමේ සභාපති සේනක අබේගුණවර්ධන, ඕමානයේ ශ්‍රී ලංකා කන්සියුලර් මාධව දේශප්‍රිය, කාර්යාංශයේ විදේශ සම්බන්ධතා අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඞී .ඞී. පී සේනානායක යන මහත්වරු සහ මෙම සමුළුවට සහභාගී වු ඕමාන් හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඡායාරූපයේ දැක්වේ.


20120523-dscf2064.jpg

20120523-dscf2158.jpg

20120523-dscf2185.jpg

20120523-dscf2225.jpg

20120523-dscf2240.jpg