20120618-img_6871.jpg


විදේශ රැකියා සඳහා පිටත්වන ශ‍්‍රමිකයින් ගේ පුහුණුවිම් නවීන ලෝකයට ගැලපෙන ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ,ගෘහ පාලිකාවන් ගේ පෞර්ෂ්‍ය වර්ධනය කිරීම හා ආකර්ශනිය ලෙස විදේශගත කිරීම සඳහා වන විශේෂ වැඩමුළුවක් හදුන්වා දෙයි. ඩ්‍රීම්රෝන් (Dreamron) ආයතනය හා ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි. කාර්යාංශය වෙනුවෙන් සභාපති අමල් සේනාලංකාධිකාර , ඩ්‍රීම්රොන් ආයතනය වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂක වෛද්‍ය පි‍්‍රයංක පෙරේරා අත්සන් තැබු අතර මෙම අවස්ථාවට විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාද එක් වු අයුරු ඡායාරූපයේ දැක්වේ. මෙම වැඩමුළුව ඞී‍්‍රම්රෝන් ආයතනය මඟින් නොමිලේ පවත්වන අතර, දිවයින පුරා පිහිටි කාර්යාංශයේ දිස්ත‍්‍රීක් පුහුණු මධ්‍යස්ථාන වලදි එක් පුහුණු කණ්ඩායමකට පැය 03 ක වැඩමුළුවක් ලෙස එය පවත්වයි. ගෘහ පාලිකාවක් විදේශ ගත විමේදී ඔවුන් ගේ ක‍්‍රියාවෙන් හා පෙනුමෙන් අකල්පීයමය වෙනසක් මෙමගින් ඇති කිරිමට බලාපොරොත්තු වේ.