20120710-slbfebahrain.jpg


මෙරට විගමනික ශ්‍රමිකයන් හට තවදුරටත් පහසුකම්සැපයෙන සේවා පරිසරයක් ඇති කිරිමටත්,වඩ වඩාත් වෘත්තීයවේදීන් හට බහරේන් හි රැකියා අවස්ථාවන් විවර කිරිමට,විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව පසුගිය දා බහරේන් නිළ සංචාරයක නිරත වු විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විසින් බහරේන් කම්කරු අමාත්‍ය ජමීල් හුමයිදාන් මහතා හමුවු අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

‍එසේම එහිදී 2008දී අත්සන් තබා ඇති ද්විපාර්ශවීය කම්කරු සහයෝගීතා ගිවිසුමේසඳහන් කරුණු තවදුරටත් ශක්තිමත් කිරිම පිළිබඳව අවධානය යොමු කර තිබේ.

උපුටා ගැනීම ලංකා පුවත්