මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවී සිටින කටාර් රාජ්‍යයේ නියෝජ්‍ය කම්කරු අමාත්‍ය හුසේන් යූසුප් අල් මුල්ලා මහතා(Hussain Yusuf Al Mulla) ප්‍රමුඛ සිව් පුද්ගල දූත පිරිස අද (10) විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාව එම අමාත්‍යාංශයේදී හමුවිය.

20121012-img_7906.jpg

එහිදී කටාර් රාජ්‍යයේ වෘත්තීය මට්ටමේ රැකියා ලබාගැනීම සම්බන්ධව සාකච්ඡා වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

එසේම 2008 වසරේදී කොළඹදී අත්සන් කල දෙරට අතර අවබෝධතා ගිවිසුමේ සඳහන් කරුණු කෙරෙහිද එහිදී අවධානය යොමු කෙරිණි. මෙම අවබෝධතා ගිවිසුමට අදාලව පවත්වන හතරවන කමිටු රැස්වීමට සහභාගිවීම සඳහා මෙම පිරිස දිවයිනට පැමිණ තිබේ.