විපක්‍ෂයට හැමදේම පේන්නේ හරහට...
ඇමති ඩිලාන් කියයි.

ශ‍්‍රි ලංකාව වර්තමානය වන විට මධ්‍ය ආර්ථික සංවර්ධිත රටක් බවට පරිවර්ථනය වී ඇති බවත් එම සංවර්ධනය දෙස සුභවාදීව බැලීමට විපක්‍ෂය උත්සහ කළ යුතු බවත් විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කරයි. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා 2005 වසරේ මේ රටේ අනාගතය භාර ගැනීම නිසා යුද්ධය අවසන් කර රට සංවර්ධිත මාවතකට යොමු කොට තිබෙන මොහොතක සියලූදෙනා ඊට සහයෝගය ලබා දිය යුතුබව ඔහු සඳහන් කළේය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ හාලිඇල ඇල්ලේවෙල හන්දියේ සිට කොස්ගොල්ල දෙහිවින්න පන්සල පාර ප‍්‍රතිසංස්කරණය කර විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. ඒ සඳහා රුපියල් එක් කෝටි විසි දෙලක්‍ෂයක් වැය වී තිබේ. මෙම මාර්ගයෙන් ප‍්‍රතිලාභ ලබන පවුල් ගණන 600 කි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩිලාන් පෙරේරා මහතා ප‍්‍රකාශ කළේ රටේ සංවර්ධනය සෑම ගම් දනව්වකම සිදුවන බවයි. අති දුෂ්කර යැයි හැඳින්වූ බදුල්ල දිස්ති‍්‍රක්කයේ සෑම මැතිවරණ කොට්ඨාශයකම සංවර්ධන කටයුතු සිදුකෙරෙන බවත්, ජනාධිපතිතුමා බදුල්ල දිස්ති‍්‍රක්කයට විශේෂ අවධානය යොමු කිරීම මෙහි ජනතාවට කළ ගරු කිරීමක් බවද සඳහන් කළේය. අද රටේ සංවර්ධනය සඳහා විදේශ රැකියා ලාභීන් හෙවත් රට විරුවන් ඍජුවම දායක වන අතර, ඔවුන් මෙරටට එවන විදේශ විනිමය ප‍්‍රමාණය දිනෙන් දිනම වැඩිවන බවද සඳහන් කළේය. අපේ විදේශ විනිමය සංචිතය ඉහළයාම නිසා සංවර්ධන කටයුතු සිදු කිරීමට එම මුදල් යෙදවීමට හැකිවී ත්බේ. වාර්ෂිකව රටවිරුවන් විසින් ඇමරිකන් ඩොලර් බිලියන 6ක් පමණ එවන අතර 2012 වර්ෂයේ අගෝස්තු මාසයේදී රටවිරුවන්ගේ විදේශ විනිමය පේ‍්‍රෂණ 17% න් වර්ධනය වී ඇති බවද සඳහන් කලේය. 2012 වර්ෂයේ අගෝස්තු මාසයේදී ඇමරිකන් ඩොලර් බිලියන 475ක් වූ විදේශ විනිමය පේ‍්‍රෂණ මේ වසරේ අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 559 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙයට අමතරව 2012 වර්ෂයේ පළමු මාස 7ට සාපේක්‍ෂව මේ වසරේ පළමු මාස 7දී රටවිරුවන්ගෙන් මෙරටට ලැබුනු විදේශ විනිමය ප‍්‍රමාණය 10.1 % කින් වර්ධනය වී ඇති බවත්, එය ඇමරිකන් ඩොලර් මිලියන 3763 දක්වා වර්ධනය වී ඇති බවද ඩිලාන් පෙරේරා මහතා මෙහිදි වැඩිදුරටත් අවධාරණය කලේය.

20131017-dehiwinna_para_open.jpg

20131017-ella_dehiwinna_para_01.jpg


ඡායාරූප-
1. අමාත්‍යතුමා පීත්ත පටිය කපා හාලිඇල කොස්ගොල්ල දෙහිවින්න පන්සල පාර විවෘත කළ අයුරු දැක්වේ

2. ඇටම්පිටිය දෙහිවින්න පාර සඳහා මුල්ගල තැබිම.

මෙම අවස්ථාව සඳහා ඌව පලාත් සභා මන්ති‍්‍ර නිලමේ වික‍්‍රමරත්න ඇතුළු විශාල පිරිසක් එක්වී සිටියහ.