ඔවුන්ගේ වැටුප් වැඩිකිරීම කාලෝචිතයි..
අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා......


20140804-img_9050.jpg


ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සියළුම ප‍්‍රාදේශීය කාර්යාල හා පුහුණු මධ්‍යස්ථානවලට iso 9001-2008 තත්ව සහතික හිමිවේ

ශ‍්‍රී ලංකා ආර්ථිකයේ වැඩිම විදේශ විනිමය දායකත්වය ලබාදෙන පිරිස අතර රටවිරුවන් ඉදිරියෙන්ම සිටින බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කරයි. එම නිසා මෙවැනි විශාල කාර්යයක් ඉටුකරන රට විරුවන් වෙනුවන් ඔවුන්ගේ වැටුප් ඉහළ නැංවීමට කටයුතු කිරීම කාලෝචිත බවද ඔහු සඳහන් කළේය. අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙම අදහස් ප‍්‍රකාශ කළේ, ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සියළුම ප‍්‍රාදේශීය කාර්යාල හා පුහුණු මධ්‍යස්ථානවලට iso 9001-2008 තත්ව සහතිකය ලැබීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ උත්සවයකට සහභාගි වෙමින් තලවතුගොඩ ”ග‍්‍රෑන්ඞ් මොනාර්ක් ”හෝටලයේදීය.එය පසුගියදා (2014.08.01) පැවැත්විණි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු ප‍්‍රකාශ කළේ, ”ජනාධිපතිතුමා 2005 දී විදේශ රැකියා ක්ෂේත‍්‍රයේ තිබෙන වැදගත්කම පිළිබඳව හො`දින් අවබෝධ කරගෙන හිටිය නිසා වෙනම මහින්ද චින්තනයට විදේශ රැකියා සම්බන්ධ තීරණ තීන්දු ඇතුලත් කළා. එතුමා 1994 දී විදේශ සේවා කාර්යාංශය අයත්ව තිබූ කම්කරු අමාත්‍යංශය භාර අමාත්‍යතුමා ලෙස කටයුතු කළ නිසා විදේශ රැකියා පිළිබඳ හො`දින්ම දන්නවා.. එම නිසා 2005 දී එතුමා මහින්ද චින්තනය තුළ ඇතුලත් කළ තීන්දු ක‍්‍රියාත්මක කිරීමට අනුබල දුන්නා. අද රටවිරුවන්ගේ වැටුප් වැඩිකිරීම, නිවාස ප‍්‍රශ්නය විස`දිම,තරුණ තරුණියන්ට වෘත්තීය රැකියා ධනවත් රටවලින් ලබාදීම හො`දින් ක‍්‍රියාත්මක වන්නේ ඒ නිසයි. ඩිලාන් ඇමති තුමා කිව්වා රටවිරුවන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව එය ඉතාම හොඳයි. අඩු ආදායම් ලාභී පවුල් න`ගා සිටුවීම සඳහා මහින්ද චින්තනයෙන් ලබා දෙන අගය ඉතාම ඉහළයි. රටවිරුවන් වගේම සංචාරක වෙළ`දුන්, පදික වෙළ`දුන්, කුඩා ලොරි රථ වෙළ`දුන් වැනි අඩු ආදායම් ලාභීන්ගේ ආර්ථිකය ශක්තිමත් වන්නට රජය විශාල වැඩකොටසක් ඉටු කළා. රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන්නේ මේ අයයි. හැබැයි ආර්ථික විද්වතුන් මෙම පිරිස ගැන කථා කළේ නැහැ. නමුත් ජනාධිපති තුමා මහින්ද චින්තනය යටතේ මෙම පිරිස හ`දුනාගෙන, ඔවුන් රටේ සංවර්ධනයට යොදා ගන්තා. අද ඒ නිසා ඒ අයගේ පවුලේ ආර්ථිකයත් සංවර්ධනය වෙලා. අද රජයේ ආයතන වල පිළිගැනීමට මෙම පිරිස ලක්වෙලා.” යනුවෙන්ද ප‍්‍රකාශ කළේය.
ලෝකයේ රට වලින් 80%-90% ත් අතර ප‍්‍රමාණයක් සංචාරක හා රැකියා ක්ෂේත‍්‍රයට සම්බන්ධ වී සිටින බවත්, එම නිසා මෙම ක්ෂේත‍්‍රයද ලෝකයේ අවධානයට ලක්වී තිබේ. එබැවින් එවැනි තත්වයන් තුළ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට iso තත්ව සහතිකය හිමිවීම අගය කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා විසින් iso තත්ව සහතික ලබාගත් කාර්යාංශයේ ශාඛා කාර්යාල 30 ක නියෝජිතයන්ට එම සහතික හා සම්මාන පිරිනැමිණි. උත්සවයේදී අදහස් දැක්වූ විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ප‍්‍රකාශ කළේ, මෙරට ආර්ථිකයට වැඩිම විදේශ විනිමය ගෙන එන ක්ෂේත‍්‍ර සම්බන්ධ අමාත්‍යංශයටත් , විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශාඛා සියල්ලටම iso තත්ව සහතිකය ලැබුනේ ලංකාවේ ප‍්‍රථම වතාවට බවයි.
”කොළඹ ක‍්‍රියාදාමය (Colombo Process) සංවිධානයේ සභාපතිත්වය ශ‍්‍රී ලංකාව දරණ බැවින්, iso සහතිකය ලැබීම විශාල ජයග‍්‍රහණයක්. මෙහි සාමාජික රටවල් අතරින් ඉදිරියට ඒමට අපට ඒ අනුව හැකි වුණා. ශ‍්‍රමිකයන්ගේ වැටුප් වැඩිකිරීම, ගුණාත්මක භාවය ඉහළ නැංවීම, ඉහළ ඉල්ලූම වැඩිකිරීමට මෙය හේතු වෙනවා. ලබන ඔක්තොම්බර් 01 වෙනිදා සිට ගෘහ පාලන සහායිකාවන්ගේ අවම වැටුප ඇමෙරිකන් ඩොලර් 350 දක්වා වැඩි කරනවා. දැනටමත් රටවල් කැමැත්ත පලකළා. මෙය පිලිපීනයේ විදේශ ශ‍්‍රමිකයෙක් ලබා ගන්නා වැටුපට සමාන වෙනවා. රටේ ආර්ථිකයට අඩුවෙන් ආයෝජනය කර වැඩිම මුදලක් විදේශ විනිමය ලෙස ගෙන එන්නේ මෙම ක්ෂේත‍්‍රයයි. එම නිසා මෙම ක්ෂේත‍්‍රයේ අනාගත සුරක්ෂිතතාවය වෙනුවෙන් තවත් වැඩසටහන් රැසක් අපි ක‍්‍රියාත්මක කරනවා. ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සම`ග එකතු වී දිවි නැ`ගුම ව්‍යාපෘතිය යටතේ රටවිරුවන්ගේ ස්වයං රැකියා සඳහා විශේෂ වැඩපිළිවෙලක් දැනටමත් ක‍්‍රියාත්මක වෙනවා. රටවිරු සංවිධාන හරහා තවත් වැඩසටහන් අපි දියත් කරනවා.” යනුවෙන් ද ඩිලාන් පෙරේරා මහතා ප‍්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂ රජය සමයේ කාන්තාවන් 80%ක් පමණ ගෘහසේවිකාවන් ලෙස විදේශ ගත වුවද, අද වන විට එය 33% දක්වා පහතට ගෙන ඒමට හැකි වූ බවද ඔහු සඳහන් කළේය. එහෙත් එයට සාපේක්ෂව වෘත්තීය රැකියා සඳහා පිරිමි හා කාන්තාවන් විදේශ ගත කිරීම ඉහළ නැංවීමට හැකි වූ බවද, අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙහිදී විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ලේකම් කර්නල් න්ශ්ශංක එන් විජේරතන, කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර, ශ‍්‍රී ලංකා ප‍්‍රමිති කාර්යාංශයේ සභාපති ආචාර්ය කීර්ති දිසානායක යන මහත්වරුන්ද කථා කළහ.