රැකියා සඳහා විදේශගත වන ශ්‍රී ලාංකිකයන් වෙත විශ්වාසදායීබව තහවුරු කරමින් පහසු මිලට ගුවන්ටිකට්පත් ලබාදීම සඳහා විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍ය නීතීඥ ඩිලාන් පෙරේරා මහතාගේ අදහසක් අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්ටිකට්පත් නිකුත්කිරීමේ ඒකකය SLBFE TRAVELS නමින් නව සේවා මධ්‍යස්ථාන විවෘත කිරීම අද දින (2011-04-26 පෙ.ව 10x37 ට යෙදුණු සුබ මොහොතින් විවෘත කෙරින.

මෙම ඒකකය මඟින් විදේශ රැකියාලාභීන්ට පමණක් නොව විදේශගතවීමට අපෙක්ෂිත ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම රටකට ඕනෑම ගුවන් සමාගමක ටිකට්පත් පහසු මිලට මිළදී ගැනීමට පහසුකම් සලසා ඇත. මේ අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති නීතීඥ කිංස්ලි රණවක, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් නිශ්ශංක එස් විජේරත්න, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී හරිස්චන්ද්‍ර බටගොඩ, ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ නලීන් තරංග ගම්ලත් ගුවන් සමාගම්වල නියෝජිතයින් ඇතුළු ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

පීත්ත පටිය කපා ඒකකය විවෘත කළ අයුරු

ප්‍රථම ගුවන්ටිකට්පත ප්‍රදානය කළ අයුරු

ගුවන්ටිකට්පත් ඒකකය
අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අතින් එම සේවාව විවෘත කිරීමෙන් අනතුරුව දෝහා කටාර් රාජ්‍යයේ හෝටල් කෝකිවරයෙකු ලෙස විදේශගතවීමට සිටින මරදානේ පදිංචි අසංක මංජුල මහතා වෙත අමාත්‍යවරයා ප්‍රථම ගුවන්ටිකට්පත ප්‍රදානය කළ අයුරු පීත්ත පටිය කපා ඒකකය විවෘත කළ අයුරු සහ ගුවන්ටිකට්පත් ඒකකය ජායාරූප වලින් දැක්වේ


කල්‍යාණප්‍රිය රාමණායක
ප්‍රවෘත්ති නිළධාරී
ප්‍රචාරක හා මහජන සම්බන්ධතා