- විදේශ සේවා නියුක්ති කාර්යාංශය

මහින්ද අලුත්ගෙදර


ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පැවැතියද බහරේන් වල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට කිසිදු හානියක් නැතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මෙවැනි හේතූ�න් නිසා යම් හෙයකින් ශ්‍රී ලාංකිකයන්ට ගැටලුසහගත තත්ත්වයක් ඇති වන්නේ නම් කඩිනමින් ඒ සඳහා මැදිහත් වීමට සූදානම් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රකාශකයෙක් �දිනමිණ� ට පැවැසීය.

ආණ්ඩුව විරෝධී කණ්ඩායම් වල උද්ඝෝෂණයන් ඉහළ යාම නිසා බහරේනය තුළ අස්ථාවර තත්ත්වයක් උද්ගත වී තිබෙන අතර ඒ නිසාම ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පූර්ණ අවධානය යොමුව තිබේ. මේ අතර එම ප්‍රකාශකයා සඳහන් කළේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතාගේ උපදෙස් පරිදි මේ කටයුතු සිදු කෙරෙන බවයි.

මීට පෙර ඊජිප්තුවේ පැවැති දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යැවීම තාවකාලිකව අත්හිටුවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගන්නා ලද අතර එවැනි අර්බූදකාරී තත්ත්වයන් පහව යාමත් සමඟ යළිත් ශ්‍රමිකයන් යැවීමට පියවර ගත්තේය.