2011 ඔක්තෝබර් 08 වැනිදා සිට 16 වැනිදා දක්වා හම්බන්තොට වෙරළතීරයේ පැවැත්වෙන පළමු දකුණූ ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල සඳහා සකස් කෙරෙන වෙරළ ක්‍රීඩා පිටි පසුගිය දා (ජුනි11) ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ගේ හදිසි නිරීක්ෂණයට ලක්විය.

මංගල දකුණූ ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල සඳහා තෝරාගෙන ඇති හම්බන්තොට නගරාසන්න වෙරළේ අක්කර 16ක භූමිභාගයක මෙම ක්‍රීඩාපිටි සකස් කෙරෙන අතර එයට පුහුණු ක්‍රීඩා පිටි 4 ක් හා ප්‍රධාන ක්‍රීඩාපිටි 4ක් ඇතුළත් වේ. සාක් කලාපීය රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහසකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙල ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇති අතර ක්‍රීඩා පිටිවල මූලික බිම් සකස් කිරීම මේ වන සිදු කෙරෙමින් පවතී. අමාත්‍යවරයා ඉඳිකෙරෙමින් පවතින ක්‍රීඩා පිටිවල බිම් සැකැස්ම හා වෙරළ තීරය සිය නිරීක්ෂණයට ලක්කළ අයුරු ඡායාරූපවල දැක්වේ. නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරීහු පිරිසක් හා ක්‍රීඩා සම්මේලනයේ නියෝජිත පිරිසක්ද මෙහි වෙති.

20110613-img_5623.jpg

20110613-img_5628.jpg

20110613-img_5661.jpg

20110613-img_5716.jpg