ඩිලාන් - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජ්‍ය ලේකම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නායකයා වන ගරු මෛත්‍රීපාල සිරි‍සේන මහතා‍ගේ මාර්ගෝපදේශකත්වය යටතේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහා සම්මේලනයේදී පක්ෂ නියෝජ්‍ය ලේකම්වරයෙකු ලෙස පත්වීමට ලැබීම ගැන මම සතුටු වෙමි.

මම මගේ දේශපාලන ගමන, නැසීගිය විජය කුමාරතුංග මහතා නායකත්වය දුන් මහජන පක්ෂයෙන් ආරම්භ කර පසුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වුනෙමි. එදා සිට අද දක්වාම පක්ෂයේ ප්‍රතිපත්ති හා පක්ෂයේ නායකත්වයේ අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් කැපවී කටයුතු කළෙමි, කටයුතු කරමි.

ගරු මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ දින 100 වැඩසටහන සාර්ථක කරවීමට සහය දෙන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරන ලදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ මන්ත්‍රීවරුන් 127 දෙනාගේ සහය නැතිව, රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු යූඑන්පීයට තමන් සතු මන්ත්‍රීවරුන් 47 දෙනාගේ සුළුතර ආණ්ඩුව මඟින් ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට හැකියාවක් නැත. පසුගිය ඡන්දයෙන් ජනතාව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගත්තා මිස අගමැතිවරයෙකු පත්කර ගත්තේ නැත. නමුත්, ගරු මෛත්‍රීපාල ජනාධිපතිතුමා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා ලෙස යාමට සූදානම් වන පරමාදර්ශී ගමනට දක්වන සහයක් ලෙස මෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදයට හා ජනතා අභිමතයට කරන ගෞරවයක් ලෙස විරුද්ධ පක්ෂයේ සිට, දින 100 වැඩ පිළිවෙලට විවේචනාත්මක සහයක් ලබා දීමට අපි තීරණය කළෙමු. යෝජිත අනෙකුත් වෙනස්කම් මෙන්ම ඡන්ද ක්‍රමයද අනිවාර්යයෙන්ම වෙනස් කළ යුතු බව අපේ විශ්වාසයයි. අපි ඒ සඳහා සහය දක්වමු.

දශක තුනකට අධික කාලයක් තිස්සේ මා පිළිබඳ, මා‍ගේ ප්‍රතිපත්ති පිළිබඳව විශ්වාසය තබමින් පාර්ලිමේන්තුවට මා පත්කර එවීම ගැන බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට මම මාගේ ස්තූතිය පිරිනමමි. ඉදිරියටත් මා තබන හැම පියවරක්ම පෞද්ගලික වාසි, සුඛ විහරණ නොව පොදු ජන යහපතම ඉලක්ක කරගෙනම තබන බවට මම ඔබට පොරොන්දු වෙමි.

ඩිලාන් පෙරේරා - පා.ම

ජනතාවට පොරොන්දු වු යහපාලනය මෙයද?

ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා
ශ්‍රී ලාංකික ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය
ගරු අග්‍රාමාත්‍යතුමනි,

පසුගිය 8 වෙනිදාට පෙර ඔබතුමාගේ සම නායකත්වයෙන් යුත් මැතිවරණ ව්‍යාපාරයේ තේමාවන් අතර එක් ප්‍රධාන තේමාවක් වුයේ යහපාලනයයි. යහපාලනය යනු ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම වන්නේ යැයි මා මෙන්ම ඔබතුමාද දන්නා බව මම දනිමි. එත් අපේ දේශපාලන ව්‍යාපාරයේ යහපාලන අර්ථය ඊට බොහෝ සෙයින්ම වෙනස් බව අද අපි දුටුවෙමු.

පසුගිය ඌව පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සංන්ධානය 3,49,906 ක් ජනතාවගේ ජන්ද මගින් එහි බලයට පත්විය. එය මුළු ජන්ද සංඛ්‍යාවෙන් 51.24% ක් විය. සත්තකින්ම ප්‍රැන්සිස්කුකරණය වැනි අපකීර්තිමත් ඔලුගෙඩි වැනීමක්වැනි නින්දිත දේශපාලන විජ්ජාවකින් බලය තහවුරු කරගන්නවා වෙනුවට එම ජන්ද සංඛ්‍යාව ඇතිව යහපාලනය ගෙන යෑමට ඌව පළාත් සභාවට හැකිවිය. දැන් යලිත් අලුත් පන්නයේ යහපාලනයක් කරලියට පැමිණි ඇති බවක් අපිට පෙනේ.

අග්‍රාමාත්‍යතුමනි, ඔබේ ඥාති මාමා ජේ.ආර්. ජයවර්ධන මහතාගේ දේශපාලන න්‍යායට අනුව යමින් පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් දිවුරුම් පෙත්සම් ලබා ගෙන, දීන ලෙස ඌව පළාත් සභාවේ ජනතා පරමාධිපත්‍ය අද දවසේදී මංකොල්ලකා ඇතැයි අපට දක්නට ලැබේ. මෙය නුතන ප්‍රැන්සිස්කුකරණය මිස අන් කවරේද?

හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මහින්ද රාජපක්ෂ මහතා ඔබතුමාගේ පාලනය සදහා දින 100 වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා කොන්දේසි විරහිතව සහාය දෙන බව පුන පුනා කියද්දීත් මේ කරනු ලබන්නේ කවර ආකාරයේ ප්‍රජාතාන්ත්‍රවාදී යහපාලනයක්ද? මේ ඌව පළාත් ජනතාවගේ ජනතා පරමාධිපත්‍ය මහ දවල් මංකොල්ල කෑමක් නොවන්නේද?

ගරු අග්‍රාමාත්‍යතුමනි, කරුණාකර මේ රට යලිත් වතාවක් මැතිවරණ පෙරොන්දු අමතක කරන ඒවා තුට්ටුවකට මායිම් නොකරන දේශපාලන සංස්කෘතියක් කරා ගෙන නොයන ලෙස මම ඔබෙන් ගෞරවයෙන් ඉල්ලමි.

ඔබතුමාගෙක් වෙහෙස මහන්සියෙන් ගොඩනගාගත් යහපාලන ආණ්ඩුව පළාත් සභා හි ජනතා පරමාධිපත්‍යය මංකොල්ල කෑමේ අයහපත් ක්‍රියාවලියක නිරත වන බව ඔබතුමාට නොපෙනේදැයි මම නොදනිමි. එහෙත් ඌව පළාත් පුරවැසියෙකු ලෙසත්, මේ රටේ මහජන නියෝජිතවරයෙකු ලෙසත් මෙම අයහපාලන, අවිනීතික, සදාචාර විරෝධී ක්‍රියාව මාගේ පෞද්ගලික හා බහුරතයක් ඌව පළාත් සභා ජනතාවගේ පිළිකුලත්, විරෝධයත් හෙලා දැකීමත් ඔබතුමාගේ ආණ්ඩුව වෙත යොමු කිරීමට කැමැත්තෙමි.

ගරු අග්‍රාමාත්‍යතුමනි, ඒ අතරම මම ඔබතුමාගේ අවධානය මෛත්‍රී පාලනයේ දින 100 වැඩපිළිවෙළටද යොමු කරවමි. හොදින් බලන්න දින 100 තුල කොතැනකවත් පළාත් සභා, පළාත් පාලන ආයතන අවිනීතික, අසාධාරණ, සදාචාර විරෝධී ලෙස පෙරළා දැමීමක් සදහන්ව නැති බව එවිට ඔබතුමාට හොදින්ම වැටහෙනු ඇත.

ස්තුතියි !

මෙයට

ඩිලාන් පෙරේරා (පා.ම.)

හිතවත / හිතවතිය,

වසර 28ක් පුරා මාගේ දේශපාලන ජීවිතය සමඟ නොසැලී සිටි බදුල්ල ජනතාවටත්, පසුගිය වසර 4ක් පුරා විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යවරයා ලෙස වගකීම් ඉටුකිරීමට මට සහය දුන් සැමටත් ස්තූති කිරීමට මා මෙය අවස්ථාවක් කර ගනිමි.
මා කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත්කළ ජනාධිපතිවරයා ඊයේ පැවති ජනාධිපතිවරණයෙන් පරාජය වීමත් සමඟ මෙම අමාත්‍යධූරයේ රැඳි සිටීමට මට සදාචාරාත්මක අයිතියක් නැති බව මාගේ විශ්වාසයයි. ඒ නිසා අද දින මම මගේ තනතුරින් ඉවත් වී තනතුරට අදාල වාහන හා අනෙකුත් පහසුකම් නැවත භාර කළෙමි. එසේ කරන ලෙස මාගේ කාර්ය මණ්ඩලයටද උපදෙස් දුනිමි.
පසුගිය කාලය තුළ මම මගේ උපරිම ශක්තියෙන්, රටටත්, ජනතාවටත්, අමාත්‍යාංශයටත් සේවය කළ බව මාගේ විශ්වාසයයි. එම සේවය අවංකව කළ අතර කිසිම අවස්ථාවක වංචා හෝ දූෂණ වලට සම්බන්ධ නොවීමි. ඉදිරියේදී විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස මගේ රටටත්, ජනතාවටත් තවදුරටත් සේවය කිරීමටත්, නව රජය විසින් ජනතාවට දුන් පොරොන්දු ඉටුකරන තෙක් රජයට බලකිරීමටත් මම කැපවෙමි.
ස්තූතියි.
ඩිලාන් පෙරේරා
පාර්ලිමේන්තු මන්ත්‍රී



රිදී ජුබිලියෙන් කිරුළු පළන්
ඌවේ රිදී සීනුව - ඩිලාන්

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මැතිතතුමාගේ දේශපාලන ජීවිතයට 25 වසරක් සැමරීම නිමිත්තෙන් මෙම දෙසතිය පුරා දිවයිනේ දිස්ත්‍රික්ක මට්ටමින් විවිධ වූ සමාජ සත්කාරක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි. කියවන්න

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම ගැන නැම්බියාවේ ප්‍රසාදය

nambiaශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම ගැන නැම්බියාව සිය ප්‍රශංසාව ප්‍රසාදය පළකොට තිබේ. පසුගියදා නැම්බියාවේ නිල සංචාරයක නිරත වූ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා එරට ජනාධිපති හිපිකෙපුනයේ පොහම්බි (Hifikepunye Pohamba) මහතා හමුවූ අවස්ථාවේදි ඔහු මේ බව ප්‍රකාශ කොට තිබේ. වැඩිදුර තොරතුරු..

කොළඹ ක්‍රියාවලියේ (The Colombo Process) සභාපති ධූරය ඩිලාන්ට

කොළඹ ක්‍රියාවලියේ(The Colombo Process) සභාපති ධූරය හරහා විදේශ රැකියා සැපයුම සහ ඉල්ලුම අතර වන කලාපීය නොගැලපීම් සඳහා විසඳුම් ලබා දීමට ශ්‍රී ලංකාව කැපවී ක්‍රියා කරන බව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. ” වැඩිදුර තොරතුරු..

ඩිලාන් පෙරේරාගේ වෙබ් අඩවියට අවතීර්ණ වූ ඔබව සාදරයෙන් පිළිගනිමු.

ශ්‍රී ලාංකිකයකු වන ඔබ, ඔබගේ පාර්ලිමේන්තු නියෝජිතයන් රටේ දියුණුව වෙනුවෙන් කරන කටයුතු හා ඔවුන්ගේ අනාගත සැලසුම් පිළිබඳ අවබෝධයක් ලබාගැනීම වැදගත් යැයි අපි සිතමු. මෙම වෙබ් අඩවිය, ඔබේ ඒ අවබෝධය වැඩි කිරීමට පිටිවහලක් වේ යැයි බලාපොරොත්තු වෙමු

ඩිලාන් යනු ශ්‍රී ලාංකික සමාජයට සේවය කිරීමට ඇප කැප වූ කෙනෙකි. වසර 25 කට වඩා වැඩි කාලයක් අඛණ්ඩවම ඔහුව පාර්ලිමේන්තුවට පත්කර එවීමෙන් ඡන්ද දායකයින් ඔහුගේ ගුණාංගයන් අගය කර ඇතුවාක් මෙන්ම, එම ගුණාංගයන්ට උපහාර දක්වා ද ඇත. ඩිලාන්ට දර්ශනයක් හා ඊට කැප වීමක් ඇතත් මේ ගමන ඔහුට තනිව යා‍ නොහැක. ඔබත් සමග අත්වැල් බැඳගෙන ඔබ වෙනුවෙන්, අප වෙනුවෙන් හිංසනයයෙන් තොර, විනිවිදභාවයෙන් පිරි, වගකීමෙන් බැඳුණු, සැමටම ගෞරවනීය ලෙස සලකන හා සැමටම එකසේ සලකන සුභ අනාගතයක් ඇති කිරීමට ඔහුට හැකියාවක් ඇත.

ලෝකයේ විශ්වකර්ම ක්‍රියාවන් කර ඇත්තේ, තමන් තුළ ඇති හැකියාව, තමා අවට ඇති බලවේග වලට වඩා බලවත් බව විශ්වාස කළ අය පමණි.

~බෲස් බාර්ටන් (Bruce Barton)