රටේ සුළු ජාතීන් කොන් කරනවා කියන්නේ අලූත් ප‍්‍රභාකරන්ලා බිහි කරනවා කියන එකයි....

යුද්ධය අවසන් කිරීම නිසා වැඩියෙන්ම සතුටු වුනේ දෙමළ ජනතාව...


ඇමති ඩිලාන් කියයි

tp5

”ජනාධිපතිතුමා ත‍්‍රස්තවාදය පරාජය කරන්න ජාතීන් ඔක්කොම එක්කළා. කොටි සංවිධානය කුඩා ළමයින්ගෙ කරේ පාසල් බෑග් වෙනුවට තුවක්කු එල්ලූවා. යුද්ධය අවසන් කිරීම නිසා වැඩියෙන්ම සතුටු වුනේ දෙමළ අය. මේ රටේ අනිත් ජාතීන් කොන් කරනවා කියන්නේ අලූත් ප‍්‍රභාකරන්ලා බිහිකරන එකයි. මේ රට අපි හැමෝටම අයිතියි. මහ ජාතිය විදිහට සිංහලයින් අනිත් ජාතීන්ට දරුවන්ට වගේ සලකන්න ඕන.”

tp1

විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මේ බව සඳහන් කළේ පසුගියදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්වුනු තෛපොංගල් සැමරුම් උත්සවයකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ බෞද්ධයන්, හින්දූන්, මුස්ලිම් පිරිස් රාශියක් විදේශ රැකියා ක්ෂේත‍්‍රයට සම්බන්ධ නිසා කාර්යාංශය මෙම උත්සවය සැමරීමට තීරණය කල බවයි.

”කාර්යාංශය මීට කලින් අවුරුදු උත්සව, වෙසක් උත්සව, ඉෆ්තාර් උත්සව පවත්වලා තියෙනවා. ඒ උත්සව වලට හින්දු, මුස්ලිම්,කතෝලික නිලධාරීන් ගොඩක් උදව් උපකාර කරලා තියෙනවා. පසුගියදා නත්තල් සැමරුම් උත්සවයත් අපි සැමරුවා. හාලිඇල ඉෆ්තාර් උත්සවය පැවැත්වුවා කියලා බොදුබල සේනාව මට සත්තුවත්තේ සියළු සතුන්ගේ නම් කියලා ආශිර්වාද කලා. මමත් ඒ ස්වාමීන් වහන්සේට නිදුක් වේවා, නීරෝගි වේවා, සුවපත් වේවා කියලා ප‍්‍රාර්ථනා කරනවා. අපි හැමෝගේම ඇෙ`ග් දුවන්නේ එකම ලේ. ඒවා සිංහල ලේ, දෙමළ ලේ කියලා වෙන් කරන්න බෑ. අපේ සමගිය කි‍්‍රයාවෙනුයි පෙන්වන්න ඕන. අද මේ උත්සවයෙන් අපි හැමෝම එක පවුලෙ අය කියන පණිවිඩය ලෝකයට දෙනවා.” යි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

මෙම මස මුලදී තමන් සෞදි රජය හා අත්සන් කළ ගිවිසුම පිළිබඳවද සිහිපත් කළ අමාත්‍යවරයා පසුගිය කාලයේදී සෞදියේ ජෙඩා වලින් පමණක් නීතිවිරෝධී ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් 13000 ක් මෙරටට පැමිණි බවද කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ශ‍්‍රී රංගා මහතා ප‍්‍රකාශ කළේ, ජාත්‍යන්තරයෙන් එල්ල වන අභියෝගයන්ට නොසැලී මුහුණදීම සඳහා ජාතී, ආගම්, කුල භේද නොමැතිව සියළු ශ‍්‍රී ලාංකිකයින් එක්විය යුතු බවයි. එවිට ආසියාවේ ආශ්චර්ය කරා ළ`ගා වීම පහසුවන බවත් රාජ්‍ය ආයතනයක් ම`ගින් මෙවැනි උත්සව සංවිධානය කිරීම ආගමික සහජීවනයට හොඳ ආදර්ශයක් වන බවත්ය.

මෙම තෛපොංගල් සැමරුම් අවස්ථාවට නුවරඑළිය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ජේ. ශ‍්‍රී රංගා, කාර්යාංශ සභාපති අමල් සේනාලංකාධිකාර, විදේශ රැකියා ඒජන්සියේ සභාපති සේනක අබේගුණසේකර යන මහත්වරුන් එක්වී සිටියහ.

tp2

tp3

tp4

 

 


[නැවත පෙර පිටුවට යන්න...]