ඩිලාන් ගැන

ඩිලාන්, නීතිඥයෙකු වන මාර්ෂල් පෙරේරා සහ රජයේ ගුරුවරියක වන දයා පෙරේරා යන දෙපළගේ එකම පුත්‍රයාය. ලංකා සමසමාජ පක්ෂයේ සාමාජිකයෙකු වූ පියාගේ දේශපාලනයෙන් සහ සක්‍රීය වෘත්තීය සමිති ක්‍රියාකාරිණියක මෙන්ම සමාජ සේවිකාවක වූ මවගෙන් ලද සමාජ සාධාරණත්වය සහ සමානාත්මතාවය පිළිබඳ අදහස් ඩිලාන්ගේ සහ එකම සහෝදරිය වන කිෂෝලිගේ මනස හැඩ ගැස්සවීමට කුඩා කාලයේ සිටම ඉවහල් විය.

මාර්ෂල්ගේ මුල් පදිංචිය බස්නාහිර පළාතේ වුවද විවාහයෙන් පසුව දයා සමග ඌව පළාතේ පදිංචිවීමට ඔහු තීරණය කළේ, ලංකා සම සමාජ පක්ෂය විසින් ඌව පළාතට සේවය කරන ලෙස ඔහුගෙන් කරන ලද ඉල්ලීමයි. පවුලේ වැඩිමහල් දරුවා ලෙස 1962 අප්‍රේල් මාසයේ බදුල්ල රෝහලේ උපත ලැබූ ඩිලාන්, වසය අවුරුදු 4 වන විට බදුල්ල ඌව විද්‍යාලයට ඇතුළත් කරන ලදී. ලාබාල වියේදීම ‍ඉගෙනීමේ දක්ෂතා පෙන්වූ ඔහු මාස කීපයක් තුළදී 2 වන ශ්‍රේණියට උසස් කරන ලදී. පසු කළෙක කොළඹ ශාන්ත බෙනඩික්ට් විදුහලේ ප්‍රාථමික අංශයට ඇතුළත් කෙරුණු ඩිලාන් තම ද්වීතිය අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි.[වැඩි විස්තර...]

අල්ලසට හා දූෂණයට එරෙහිව

1994 දී පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඩිලාන් එම ආණ්ඩුවේ පරිපාලන ක්‍රියාවලියට පාරදෘෂ්‍යභාවක් ඇති කිරීමට කැප වී ක්‍රියා කළ අතර විවිධ වූ බාධක ඔස්සේ මෙම ව්‍යායාම‍ නොනවත්වාම තවමත් ඉදිරියට ගෙනියමින් සිටියි. අල්ලසට හා දූෂණය‍ට යට නොවන ක්‍රියාකලාපය නිසා ඔහුට ලැබිය යුතු බො‍හෝ දේ අහිමි වූවා පමණක් නොව, බොහෝ සතුරන් ද ඇති කරගත්තේය. ඩිලාන් කිසිවි‍ටෙක දේශපාල‍නයෙන් මුදල් හම්බකර නොගත් අතර ඔහුගේ අවංකභාවය වෙනුවෙන් හොඳ නමක් ඇති කරගත්තේය. ඔහු අදටත් බදුල්ලේ පිහිටි තම දෙමාපියන්ගේ පරණ නිවසෙහි වාසය කරමින් ඔහුගේ ප්‍රතිපත්ති මත පදනම් ව සාමාන්‍ය පුද්ගලයෙකු හැටියට ජීවිතය ගත කරයි. ඩිලාන් සාමාන්‍ය පුද්ගලයෙකු ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසත් තම පක්ෂය තුළදී පවා අයුක්තියට, අසාධාරණයට එරෙහිව හඬ නැගීමට කිසි‍විටකත් බිය නොවීය.[වැඩි විස්තර...]